රේගුවේ කන්ටේනර් නිදහස් කිරීම ගැන කමිටු වාර්තාව හැංගුවද?

රේගුවේ බහාලුම් 323 ක් පිට කිරීමේ චෝදනාව පරීක්ෂා කරන්නට ජනාධිපති පත් කළ කමිටුවේ වාර්තාව ආණ්ඩුවෙන් ප්‍රසිද්ධ නොකරන නිසා තමා එය සභාගත කරන බව කොළඹ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.

“අප රටේ රාජ්‍ය ආදායම ඉහල දමන එක ආයතනයක් ලෙස රේගුව හඳුන්වා දිය හැකියි. රේගුව ගැන පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් වාර්තා වුණා. ජනවාරියේදී රේගුවේ බහාලූම් තදබදයක් ඇතිවී ආන්දෝලනයක් වුණා. රේගුවේ බහාලුම් 323 ක් පිට කිරීමේ චෝදනාව පරීක්ෂා කරන්න ජනාධිපති යම් කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව ජනපතිට බාර දී සති දෙකකට ආසන්න කාලයක් ගතවෙනවා. තාමත් ඒක පාර්ලිමේන්තුවේ සභාගත කළේ නෑ.

ආණ්ඩුව ඒක සභාගත නොකරන නිසා මම අද එය සභාගත කරනවා. මොකද ඔබලා මේ වාර්තා පෙට්ටි වල දාගෙන ඉන්නවා.

රතු ලේබල් බහාලුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම වැරදි බව අදාළ කමිටුව දක්වා තිබෙනවා. බහාලුම් තදබදය වලක්වා ගැනීම සඳහා මෙය කළත් එමගින් අපගමනයක් සිදුව ඇතැයි අදාල කමිටුව කියනවා. ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බලය අවභාවිත කර තිබෙනවා. රේගුවේ කන්ටේනර් නිදහස් කිරීමෙන් විශාල දූෂණයක් සිදුවී තිබෙනවා. මේක වහන්න හැදුවේ ඇයි? ආණ්ඩුවට ඡන්දෙදි උදව් කරපු ව්‍යාපාරිකයන්ගේ බහාලුම් මෙලෙස නිදහස් කළාදැයි අපට සැකයක් තිබෙනවා.

මහ බැංකුවේ සිද්ධියේදී රනිල්ට චෝදනාවක් එල්ල වුණා. එලෙස චෝදනා එල්ල වුනේ අදාල කාලයේ දී මහා බැංකුව තිබුනේ රනිල්ගේ යටතේ නිසයි. හොඳට මතක තියාගන්න, අද රේගුව තියෙන්නේ අනුර දිසානායක යටතේ. ඒක නිසා අනුරට මේකේ වගකීමෙන් ගැලවෙන්න බෑ යනුවෙන්ද මුජිබුර් රහුමාන් කීය.

උපුටා ගැනීම – ලංකාදීප

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...