රේගුවේ කන්ටේනර් නිදහස් කිරීම ගැන කමිටු වාර්තාව හැංගුවද?

රේගුවේ බහාලුම් 323 ක් පිට කිරීමේ චෝදනාව පරීක්ෂා කරන්නට ජනාධිපති පත් කළ කමිටුවේ වාර්තාව ආණ්ඩුවෙන් ප්‍රසිද්ධ නොකරන නිසා තමා එය සභාගත කරන බව කොළඹ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.

“අප රටේ රාජ්‍ය ආදායම ඉහල දමන එක ආයතනයක් ලෙස රේගුව හඳුන්වා දිය හැකියි. රේගුව ගැන පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් වාර්තා වුණා. ජනවාරියේදී රේගුවේ බහාලූම් තදබදයක් ඇතිවී ආන්දෝලනයක් වුණා. රේගුවේ බහාලුම් 323 ක් පිට කිරීමේ චෝදනාව පරීක්ෂා කරන්න ජනාධිපති යම් කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව ජනපතිට බාර දී සති දෙකකට ආසන්න කාලයක් ගතවෙනවා. තාමත් ඒක පාර්ලිමේන්තුවේ සභාගත කළේ නෑ.

ආණ්ඩුව ඒක සභාගත නොකරන නිසා මම අද එය සභාගත කරනවා. මොකද ඔබලා මේ වාර්තා පෙට්ටි වල දාගෙන ඉන්නවා.

රතු ලේබල් බහාලුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම වැරදි බව අදාළ කමිටුව දක්වා තිබෙනවා. බහාලුම් තදබදය වලක්වා ගැනීම සඳහා මෙය කළත් එමගින් අපගමනයක් සිදුව ඇතැයි අදාල කමිටුව කියනවා. ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බලය අවභාවිත කර තිබෙනවා. රේගුවේ කන්ටේනර් නිදහස් කිරීමෙන් විශාල දූෂණයක් සිදුවී තිබෙනවා. මේක වහන්න හැදුවේ ඇයි? ආණ්ඩුවට ඡන්දෙදි උදව් කරපු ව්‍යාපාරිකයන්ගේ බහාලුම් මෙලෙස නිදහස් කළාදැයි අපට සැකයක් තිබෙනවා.

මහ බැංකුවේ සිද්ධියේදී රනිල්ට චෝදනාවක් එල්ල වුණා. එලෙස චෝදනා එල්ල වුනේ අදාල කාලයේ දී මහා බැංකුව තිබුනේ රනිල්ගේ යටතේ නිසයි. හොඳට මතක තියාගන්න, අද රේගුව තියෙන්නේ අනුර දිසානායක යටතේ. ඒක නිසා අනුරට මේකේ වගකීමෙන් ගැලවෙන්න බෑ යනුවෙන්ද මුජිබුර් රහුමාන් කීය.

උපුටා ගැනීම – ලංකාදීප

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...