ත්‍රස්තවාදී පනතක් නැතුව ආණ්ඩුවට නින්ද යන්නේ නැතිලු

ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීමේදී ත්‍රස්ත විරෝධී පනතක් අත්‍යවශ්‍ය බව අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසා තිබේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධි විධාන පනත අහෝසි කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයින් 240 ක එකමුතුව විසින් සකස් කර අත්සන් කරන ලද යෝජනාවලියක් ඊයේ (29) අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදීම සිදු කෙරිණි. එහිදී ඉල්ලා තිබුනේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන ලෙසත් වෙනත් පනතක් ගෙන ඒමට කටයුතු නොකරන ලෙසත්ය.

නමුත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට පසුගිය ආණ්ඩු විසින් කමිටු ගණනාවක් පත් කර ඉදිරියට ගෙන ගොස් තිබුණද පනතක් සකස් කිරීමට පියවර ගෙන නොමැති බවයි. එසේම ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීමේදී ත්‍රස්ත විරෝධී පනතක් අත්‍යවශ්‍ය බව ද ඔහු පවසා තිබේ.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන ලෙස සහ නැවත එවැනි පනතක් අවශ්‍ය නොවන බවට විවිධ ප්‍රගතිශීලී කණ්ඩායම්වලින් ඉල්ලීම් ඉදිරිපත් වන්නේ ඒවා ඉතා මර්දනකාරී පනත් වීම හේතුවෙනි. ගෝලීය ත්‍රස්තවාදය හෝ ලංකාවේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කටයුත්තකදී කටයුතු කළ හැකි ආකාරයේ ප්‍රමාණවත් නීති අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය තුළ පවතියි. එයට විශේෂ නීතියක් අවශ්‍ය නැත.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...