විදුලි බිලෙන් ජනතාවට බඩේ පාර වදින ලකුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි විදුලිය ගාස්තුව ඉහළ දැමීමට අදාළ වන යෝජනාව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා
කොමිසමට ලබන සතිය තුළ යැවෙනු ඇතැයි වාර්තා වෙයි.

මෙම යෝජනාව අනුව දැනට අයකරන විදුලි ගාස්තුව සියයට 33 කින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට යෝජනා කෙරෙනු ඇතැයි අද පුවත්පත් වාර්තා කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ණය මුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට නම් මහජන සේවා සඳහා වෙන්කරන මුදල් අනවශ්‍ය ලෙස නාස්ති කිරීම නවතා දමන ලෙස ඉල්ලා තිබුණි. මෙවැනි කාරණා හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉඟි කරන්නේ මහජන සේවා සඳහා සහන දීම අඩු කරන ලෙසයි.

එසේම විදුලිය නිෂ්පාදනයේ පිරිවැය ආවරණය වන ගාස්තුවක් පාරිභෝගික ජනතාවගෙන් අය කළ යුතු බව මෙයට පෙර නිර්දේශ කර තිබුණි. පසුගියදා බලශක්ති ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ ආණ්ඩුවට විදුලි බිල ඉහළ දැමීම සඳහා වුවමනාවක් නැතත් ණය ගෙවීමට ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...