hello අම්මේ ඔයා තත්තා වගේ..

අම්මල තාත්තල ගැන රසාලිප්ත කතන්දර ලියන අද ,”හලෝ අම්මේ ඔයා තාත්තා වගේ” සිංදුවක් නෙමෙයි කතන්දරයක්. කතන්දරයක්මත් නෙමෙයි ඉතිහාසයක්. ඉතිහාසයක්ම නෙමෙයි යට ගියාවේ අපෙත් මතකය . අම්මල තාත්තල තාත්තලා අම්මලා අඩුවෙන කෙනාගේ අඩුව මකන්නට අම්මා තාත්තා තාත්තා අම්මා වෙනවා. හලෝ තාත්තේ ඔය අම්මා වගේයි . ඕන විදිහකට හරව ගන්න පුළුවන් .

අලූත් විදිහට හිතන අලුත් විදිහට නිර්මාණ ඉදිරිපත් කරන හලෝ මචං උඹ වෙනස් මිනිහෙක්. වෙනස් පණිවිඩ සමාජයට දෙන වෙනස් මිනිහෙක්.

Hello අම්මෙ ඔයා තාත්තා වගේ
ඉර කෝ කියා අහද්දි හඳ පෙන්නුවා
හඳ දැකලා මම සැනසුනා
අම්මා මගේ ලොකේ රජවුනා

තත්‍තා මගේ සිහිනේ අම්මා වුනාදෝ
අම්මා මගේ සිහිනේ තාත්තා වුනාදෝ …

තාත්තා ගැන ඇහැව්වාම ඔයා දිපු උත්තරේ දිවයලොකේ, දිවයලොකේ, දිවයලොකේ..
ගොඩක් දුරයිද අම්මේ ?
වෙලා යනවාද අම්මේ ?
කවද්ද යන්නෙ ?
මම හැමවේලේම ඇහැව්වා.
ඔයා අහක බලා ගත්තා.

අහෝ ඒ දෝංකාරේ
අපි කාන්තාරේ
අහනකොට විස්තරේ
මට ඇතිවෙනවා කොන්තරේ
දකිනකොට තාත්තලා නිරන්තරේ
මම තනිවෙනවා පාළු වනන්තරේ
මගේ කතන්දරේ
හොඳ නෑ තාත්තේ

hello අම්මේ ඔයා තත්තා වගේ..

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...