අම්මල තාත්තල ගැන රසාලිප්ත කතන්දර ලියන අද ,”හලෝ අම්මේ ඔයා තාත්තා වගේ” සිංදුවක් නෙමෙයි කතන්දරයක්. කතන්දරයක්මත් නෙමෙයි ඉතිහාසයක්. ඉතිහාසයක්ම නෙමෙයි යට ගියාවේ අපෙත් මතකය . අම්මල තාත්තල තාත්තලා අම්මලා අඩුවෙන කෙනාගේ අඩුව මකන්නට අම්මා තාත්තා තාත්තා අම්මා වෙනවා. හලෝ තාත්තේ ඔය අම්මා වගේයි . ඕන විදිහකට හරව ගන්න පුළුවන් .
අලූත් විදිහට හිතන අලුත් විදිහට නිර්මාණ ඉදිරිපත් කරන හලෝ මචං උඹ වෙනස් මිනිහෙක්. වෙනස් පණිවිඩ සමාජයට දෙන වෙනස් මිනිහෙක්.
Hello අම්මෙ ඔයා තාත්තා වගේ
ඉර කෝ කියා අහද්දි හඳ පෙන්නුවා
හඳ දැකලා මම සැනසුනා
අම්මා මගේ ලොකේ රජවුනා
තත්‍තා මගේ සිහිනේ අම්මා වුනාදෝ
අම්මා මගේ සිහිනේ තාත්තා වුනාදෝ …
තාත්තා ගැන ඇහැව්වාම ඔයා දිපු උත්තරේ දිවයලොකේ, දිවයලොකේ, දිවයලොකේ..
ගොඩක් දුරයිද අම්මේ ?
වෙලා යනවාද අම්මේ ?
කවද්ද යන්නෙ ?
මම හැමවේලේම ඇහැව්වා.
ඔයා අහක බලා ගත්තා.
අහෝ ඒ දෝංකාරේ
අපි කාන්තාරේ
අහනකොට විස්තරේ
මට ඇතිවෙනවා කොන්තරේ
දකිනකොට තාත්තලා නිරන්තරේ
මම තනිවෙනවා පාළු වනන්තරේ
මගේ කතන්දරේ
හොඳ නෑ තාත්තේ
hello අම්මේ ඔයා තත්තා වගේ..