කොළඹ නගර සභා ඡන්දයට අතුරු තහනමක්

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ රීට් පෙත්සම් විභාගයට අවසර ලබා දෙමිනි.

අදාළ පෙත්සම් ගොනු කර තිබුණේ දේශපාලන කණ්ඩායම් කිහිපයක් සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසිනි.

මෙම තීන්දුවට එරෙහිව වගඋත්තරකරුවන්ට විරෝධතා ඇතිනම් මැයි 05 දිනට පෙර ඒවා ඉදිරිපත් කරන ලෙසත් මැයි 07 දිනට පෙර පෙත්සම්කරුවන්ට ඊට ප්‍රතිවිරෝධතා ඇත්නම් ගොනු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දු කර තිබේ.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 16 වැනිදා පැවැත්වීමටද දින නියම කෙරුණා.

එදින තෙක් අදාළ අතුරු නියෝගය බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වේ.

නියමිත කාල සමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...