උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යාම නවතා කොත්තමල්ලි වැනි දේවල් බී විවේකීව ගෙදරට වී සිටීමෙන් ලෙඩ සුවකරගන්නා ලෙස පවසා තිබීම සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ. නමුත් දැන් පෙනෙන ආකාරයට කොත්තමල්ලි බීමද ලේසියෙන් කළ හැකි දෙයක් බව නොපෙනේ.

වසර දෙකකට පෙර රුපියල් 70ත් 80ත් අතර මට්ටමක පැවති කොත්තමල්ලි මිල මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව වත්මන් සිල්ලර වෙළඳපොළේ කොත්තමල්ලි ග්‍රෑම් 100ක මිල රුපියල් 125ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග තහවුරු කරයි.

පාරිභෝගිකයින් දිනපතා භාවිත කරන ප්‍රධාන කුළුබඩුවක් වන කොත්තමල්ලි මිල මෙලෙස ඉහළ යෑම සාමාන්‍ය පවුල්වල දෛනික ජීවන වියදමට මෙන්ම මධ්‍යම පාන්තික පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාවට ද දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

සිල්ලර වෙළඳපොළ තුළ කොත්තමල්ලි ග්‍රෑම් 100ක මිල මෙම මට්ටමක පැවතුණද, තොග වෙළඳපොළේ කොත්තමල්ලි කිලෝවක මිල රුපියල් 450ක හෝ ඒ ආසන්න මට්ටමක පවතින බව තොග වෙළෙන්දන් පෙන්වා දෙයි. ආනයනික වියදම්, සැපයුම් දාමයේ පවතින ගැටලු සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම හේතුවෙන් තොග සහ සිල්ලර මිල අතර පවතින මෙම පරතරය පාරිභෝගිකයන්ට දැඩි ආර්ථික බරක් වී ඇති අතර, වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කුළුබඩු මිල පාලනය කිරීම සම්බන්ධයෙන් යළිත් වරක් පුළුල් අවධානයක් යොමුව තිබේ.

මෙම මිල ඉහළ යාමේ ප්‍රවණතාව ඉදිරි උත්සව සමය හෝ ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් බලපැවැදුණහොත්, එය පාරිභෝගික ප්‍රජාවට දැඩි අර්බුදයක් වනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...

කාන්තා සහ ළමා කටයුතු වෙනුවෙන් 1% ක්  වත් ඉල්ලන නිදහස උදෙසා කාන්තාවෝ 

දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් 1% වත් ඉල්ලන්න යෝජනා...

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...