හාල් මාෆියාවට අත නොතබමු! පිටරටින් ගෙන්වමු!

මෙම වසරේ සහල් පිටරටින් ගෙන්වන්නේ නැති බවට ඉලක්කයක් නිර්මාණය කළද සහල් ආනයනය කිරීමට සිදු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද බුත්තල පැවති ජන හමුවකදී පවසා තිබේ. මෙහි විශේෂිත කාරණය වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වැන්නෙන් වී ඇටයක්වත් වී අලෙවි මණ්ඩලයට ලැබී නැතැයි එම මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික උපේන්ද්‍ර පවසා ඇතැයි අද දිනයේම පුවත් වාර්තා කර තිබීමයි.

අනුර කුමාර පවසා තිබුනේ,

”අපි ඉලක්කයක් හැදුවා මේ අවුරුද්දේ සහල් ඇටයක්වත් පිටරටින් ගේන්නේ නැතිවෙන්න කෘෂිකර්මාන්තය දියුණු කරන්න ඕනී කියලා. ඒත් අවාසනාවකට වගා කරනකොටත් වැස්ස ආවා, අස්වැන්න නෙලනකොටත් වැස්ස ආවා. ඒ නිසා අස්වැන්න ටිකක් අඩු වුණා. යම් ප්‍රමාණයකට සහල් අපිට මේ අවුරුද්දේ පිටරටින් ගේන්න වෙයි. ”

සහල් පිට රටින් ගෙන්වීමට සිදුවන ඇත්ත හේතුව වර්ෂාව පමණක් නොවන බව පෙනේ. මොනරාගල දිස්ත්‍රික්කයේ අලුත්වැව, මුතු කණ්ඩිය, ඇතිමලේ මොනරාගල, මැදගම, වැල්ලවාය යන ප්‍රදේශව වල වී ගබඩා, වී මිලදීගැනීම සඳහා සූදානම්කර තිබුණත් ගොවීන් විසින් වී ලබාදී නැති බව පුවත් වාර්තා පෙන්වා දෙයි. රටේම තත්ත්වයේ වැඩි වෙනසක් තිබෙන්නට නැත.

මෙම වී ලබා නොදීමට හේතු ලෙස පුවත් වාර්තා පෙන්වා දී ඇත්තේ පුද්ගලික වෙළෙඳුන් රජයේ සහතික මිලට වැඩියෙන් කුඹුරටම පැමිණ වී මිලදීගැනීම නිසා ගොවීන් මණ්ඩලයට වී ලබානොදුන් බවයි. විශේෂයෙන් ගොවීන්ට ගබඩාවලට රැගෙනගොස් වී ලබාදීමේදී ඒ වෙනුවෙන් මුදල් වැයකිරීමට සිදුවීම නිසා මණ්ඩලයට වී ලබාදීමට ගොවීන් ඉදිරිපත් නොවන බවය.

ඒ අනුව වර්ෂාව නොව හාල් මාෆියාව හේතුවෙන් නැවත නැවතත් ආණ්ඩුවට පිටරටින් සහල් ගෙන්වීමට සිදුවෙනු ඇති බව පැහැදිලිය.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...