ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති දිලීප විතාරණ ඉල්ලා අස්වෙයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා යොමු කර ඇති බව වාර්තා වේ.

දිලීප විතාරණ සිය ඉල්ලා අස් වීමේ ලිපිය මීට සතියකට පමණ පෙර ජනාධිපතිවරයා වෙත මෙන්ම ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක වෙතද යොමු කර තිබේ.

බන්දුර දිලීප විතාරණ , ජාතික ජනබලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙස මෙන්ම නාවල විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්වරයෙක් ලෙසද කටයුතු කරනු ලැබුණි. ඔහු ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල වැඩකොටසක් කළ අයෙකි.

තනතුරෙන් ඉල්ලා අස් වීමෙන් පසු දිලීප විතාරණ යළි විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සේවය සඳහා ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යශයේ විෂය පථයට ඇතුළත් ආයතනවල සභාපති ධුරයෙන් ඉවත් වූ තෙවැනි නිලධාරියා බන්දුල දිලීප විතාරණ වන අතර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය රුවන් විජයමුණි සහ ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමාල් සිරිවර්ධන යන අය මින් පෙර සිය ධූරවලින් ඉවත් වී තිබුණි.

දිලීප විතාරණ පොදු ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් විශාල යෝජනා ප්‍රමාණයක් තිබූ අයෙක් ලෙස සැලකේ. නමුත් ආණ්ඩුව පාර්ශවයෙන් පොදු ප්‍රවාහනය සම්බන්ධයන් අනුගමනය කරන ලද එකම පියවර ලෙස පෙනුනේ බස්වල සැරසිලි ඉවත් කිරීම පමණි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...