උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන ශ්‍රී ලංකාවේ උද්ධමනය, සැප්තැම්බර් මාසයේ පැවති 8.0%ක අගයේ සිට ඔක්තෝබර් මාසයේදී 8.3% දක්වා ඉහළ ගොස් ඇත.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලට අනුව, ආහාර කාණ්ඩයට අදාළ උද්ධමනය 8.8% දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, ආහාර නොවන කාණ්ඩයට අදාළ උද්ධමනය ද ඉහළ ගොස් ඇති අතර, එම මාසය තුළ එය 8.0%ක මට්ටමකට ළඟා විය.

අද මධ්‍යම රාත්‍රියේ සිට බේකරි නිෂ්පාදනවල මිලද රුපියල් 5න් ඉහළ දැමීමට නියමිතය.

පසුගියදා ලෝක බැංකුව නිකුත්කළ වර්තාවක දැක්වුණේ දිළිඳුකම තවදුරටත් ඉහළ යද්දී ලාංකික පවුල්වලින් 75%කට වැඩි ප්‍රමාණයක් ජීවන වියදම් පියවා ගැනීමට දැඩි අරගලයක නිරතවෙන බවයි.

“2026 වන විටත් ශ්‍රී ලාංකිකයන්ගෙන් පහෙන් දෙපංගුවක්ම (40%ක්) දිළිඳු භාවයෙන් පෙළෙන අතර නැතහොත් දිළිඳුකමට ඇද වැටීමේ අවදානමකට ලක්ව සිටිති,” යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.

ආණ්ඩුව මේ ජීවන වියදම සම්බන්ධ ඇතිව තිබෙන ගැටලු විසඳීම පසෙක තබා තවදුරටත් ජනතාවගේ ප්‍රජාන්ත්‍රවාදී අයිතිවාසිකම් අකුලන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමුකරමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...