මහින්දට හැටයි පෙත්සම නිෂ්ප්‍රභා කරයි 

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබුණු ආරක්ෂාව අවම කිරීම සඳහා වර්තමාන රජය ගෙන තිබුණු තීන්දුව අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණා . වර්තමාන රජයේ ආරක්ෂක සමාලෝචනයට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබා දී තිබුණු ආරක්ෂිත සංචිතය හැටක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබුණු අතර එම ආරක්ෂාව මදි බව මහින්ද රාජපක්ෂ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබුණා . කෙසේ වෙතත් මෙම පෙත්සම අද (19) විභාගයට ගැනුණු අතර දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ  පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමටයි .

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...