Breaking News

මහින්දට හැටයි පෙත්සම නිෂ්ප්‍රභා කරයි 

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබුණු ආරක්ෂාව අවම කිරීම සඳහා වර්තමාන රජය ගෙන තිබුණු තීන්දුව අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණා . වර්තමාන රජයේ ආරක්ෂක සමාලෝචනයට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබා දී තිබුණු ආරක්ෂිත සංචිතය හැටක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබුණු අතර එම ආරක්ෂාව මදි බව මහින්ද රාජපක්ෂ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබුණා . කෙසේ වෙතත් මෙම පෙත්සම අද (19) විභාගයට ගැනුණු අතර දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ  පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමටයි .

leave a reply