සංවර්ධන නිලධාරී උද්ඝෝෂණයේදී තුවාල සිදුකල පුද්ගලයා ඔත්තු නිලධාරියෙක් – පොලිසිය පිළිගනියි

ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පසුගිය 2 වැනිදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකළ පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් ඊයේ (10) අධිකරණයට දැනුම් දී තිබේ.

කෙසේවෙතත් එම පුද්ගලයා විසින් විරෝධතාවේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල සිදුකළ බවට සැක පළ කරනවා.

එම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා විමර්ශනවල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් චාගිමා විජේබණ්ඩාර විසින් පොලිසියට නියෝග කර ඇත.

පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරින් සිවු දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇත.

එම උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුරදි විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් තිදෙනකුට කැපුම් තුවාල සිදුවී තිබුණා.

එම අවස්ථාවේ කැපුම් තුවාල සිදුකළ පුද්ගලයා හඳුනාගත් උද්ඝෝෂකයන් තියුණු ආයුධයක් සමගම ඔහුව ග්‍රහණයට ගෙන පොලිසියට භාරදී තිබුණි.

පොලිසිය විසින් අධිකරණයට දැනුම් දුන්නේ එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කිරීමට පියවර ගත් බවයි.

නිල් පැහැති කමිසයකින් සැරසී සිටි එම පුද්ගලයා එදින උදෑසන සිටම පොලිස් නිලධාරීන් සමග පැමිණ සිටි අයකු බවත් සිය සේවාදායකයා එම අපරාධය සිදුකළ බවට ඒත්තු ගැන්වීම සඳහා එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල සිදුකර ඇති බව පෙනී යන බවත් සැකකාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පවසා තිබේ.

එම පුද්ගලයා මේ දක්වා සැකකරුවකු ලෙස නම් කිරීමට පොලිසිය පියවර ගෙන නොමැති බවද පෙන්වා දුන් විත්තියේ නීතිඥවරු සිය සේවාදායකයා ඇපමත මුදාහරින ලෙසට හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා.

හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සංවිධානය කර ඇත්තේ ද පොලිසිය බවත් එහි සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත්තේද පොලිස් නිලධාරීන් පිරිසක් බවත් පවසමින් හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ විත්තියේ නීතිඥවරුන් එම හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වයට කිසිදු විශ්වාසයක් නොමැති බවද අධිකරණයට පෙන්වා ඩී තිබේ.

මෙහිදී ඇතැමුන් විමසන ප්‍රශ්නය වන්නේ බුද්ධි අංශ නිලධාරියෙකුට මෙවැනි ක්‍රියාවක් කිරීම සඳහා අන දුන්නේ කවුරුන්ද යන්නයි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...