උතුරු මුහුදේ මත්ස්‍ය මංකොල්ලයට එරෙහිව ධීවරයන් විරෝධතාවයක

මෙරට උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ඉන්දීය ධීවරයින් සිදුකරන මත්ස්‍ය කොල්ලයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීන්ට බලකරමින් උතුරේ ධීවර සංගම් අද ධීවර දෙපාර්තමේන්තු කාර්යාලය සහ ඉන්දීය තානාපති කාර්යාලය ඉදිරිපිට සාමූහික විරෝධතාවක නිරත විය.

ධීවර දෙපාර්තමේන්තු කාර්යාලය අසලින් ආරම්භ වූ විරෝධතාවය යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දෙසටත් පසුව ආණ්ඩුකාර ලේකම් කාර්යාලය දක්වාත් ගොස් එම ආයතන නියෝජනය කරන නිලධාරීන්ට පෙත්සම් භාරදීම සිදු කෙරිණි. ඉන් අනතුරුව විරෝධතාකරුවන් යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය වෙත ද පාගමනින් පැමිණ පෙත්සමක් භාරදී තිබේ.

උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින් විසින් ටෝලර් යාත්‍රා යොදගනිමින් සිදුකරන මත්ස්‍ය සම්පත් මංකොල්ලයට එරෙහිව උතුරු දූපත් වන ඩෙල්ෆ්ට්, නයිනතිව්, එළුවතිව්, මණ්ඩයිතිව්, කයිට්ස් සහ පුංකුඩිතිව් යන ප්‍රදේශවල ධීවරයින් මෙම විරෝධතාවයට සහභාගී වී ඇත.

රජය පසුගිය කාලයේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර තිබියදීත් ඉන්දීය ධීවරයින් මෙම මත්ස්‍ය මංකොල්ලය සිදුකරන බව ධීවරයන් චෝදනා කර සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...