මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පසු තවත් අර්බුදයක් එළියට

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා විමර්ශන කණ්ඩායමක් පත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) පස්වරු 1.00ට පමණ ගැටුමක් හටගෙන තිබුණි.

පොලිසිය පවසා ඇත්තේ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඩුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බවයි.

ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගිය අතර තවත් රැඳවියන් 34දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ.

පසුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලයක් මත නැග විරෝධතාවය පළ කළ අතර ඉන් ඇදවැටී තවත් රැදවියන් සිව් දෙනෙකු පසුව රෝහල්ගත කර තිබේ.

කෙසේවෙතත් මෙම වහලය මත නැගී විරෝධතාවයේ නිරත කාන්තා රැදවියන් සඳහන් කළ කරුණුවලින් බන්ධනාගාරයේ ඇත්ත අර්බුදයක් එළියට පමිණ තිබේ. එම රැඳවියන් සඳහන් කළ පරිදි ඩෙංගු රෝගය බන්ධාගාරය තුළ වේගයෙන් පැතිර යමින් තිබෙන අතර රෝගාතුර රැඳවියන්ට ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබේ. මීගමුව බන්ධනාගාරය ප්‍රධාන ඩෙංගු අවධානම් කලාපයක් බවට පත්ව ඇති බවත් දැනට ඩෙංගු රෝගීන් 40ක් පමණ වාර්තා වී ඇති බවත් මේවනවිට හෙළිව තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...