භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාම සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග හා රෙගුලාසි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබේ.
අද (08) දහවල් ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයාගේ සහභාගිත්වයෙන් මෙම කමිටුව පත් කෙරෙන අතර, සති දෙකක් ඇතුළත අදාළ කරුණු අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට උපදෙස් ලබාදෙන බවද සඳහන් වේ.
එහිදී භික්ෂූන්ට අදාළ වන කොටස් මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර සංශෝධනය කිරීමට නියමිතයි.
නීති පවතින පසුබිමක තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබාදීමට තමන් සූදානම් නොමැති බවත්, පවතින නීතිය වර්තමානයට නොගැළපේ නම් කළ යුත්තේ එය විධිමත්ව සංශෝධනය කරගැනීම බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමුකළ ලිපිය සහ ඒ හරහා සමාජයේ මතුව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබුණි.
රටේ මෙතරම් ප්‍රශ්න තිබියදී ජාතිකවාදීන් විසින් උඩදමමින් යන බෝලයට පහර දීමට ජනාධිපතිවරයා පැමිණ තිබේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථාවේ සඳහන් නමවන වගන්තිය අහෝසි නොකරන බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදෙන බව සඳහන් කරන ලදී. ආණ්ඩුව දිගින් දිගටම උත්සහ කරන්නේ එය තමන් කඩ නොකරන බව පෙන්වීමටයි.




