අල් ජසීරා ප්‍රවෘත්ති සේවයේ මුදල් ගෙවා ලබා ගත හැකි සාකච්ඡාවකදී බටලන්ද වධකාගාරය ගැන ප්‍රශ්න කිරීම නිසා රනිල් වික්‍රමසිංහ කෝපයට පත්ව එම සාකච්ජාව අතරමග නැවත්වීමට උත්සාහ දරා තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වී ඇති සාකච්ජාව මෙහෙයවා ඇත්තේ මෙහාඩ් හසන් නමැති සුප්‍රකට මාධ්‍යවේදීයයි.
එහිදී මාධ්‍යවේදියා විසින් රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීමේ දී පසුගිය භීම සමයේ බියගම, බටලන්ද වධකාගාරය පවත්වාගෙන යාම සහ ඊට සම්බන්ධ වීම පිළිබඳ එවක ඇමැතිවරයෙකු සහ බියගම එජාප සංවිධායක වශයෙන් කටයුතු කළ රනිල් ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද, විමසා තිබෙන බව වාර්තා වේ.
මාධ්‍යවේදියා විසින් අසන ලද එම ප්‍රශ්නයෙන් මහත් කෝපයට පත් වූ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සාකච්ඡාව අතරමග නැවත්වීමට දේවරක්ම උත්සාහ කර ඇත.