පාස්කු ප්‍රහාරයේ මහමොලකරු හෙළිකිරීමට සහරාන් විතරයි අඩු

උදය ගම්මන්පිල විසින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම නමින් කෘතියක් එළිදක්වමින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් බව පැවසීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා කතා බහක් ඇතිව තිබේ. මිට සති කිහිපයකට පෙර උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබුනේ මාර්තු 31 වෙනිදට තමන් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු කවුරුන්ද යන්න හෙළිකරන බවයි.

නමුත් අවසානයේ පාස්කු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයෙකුම මහ මොළකරු ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන්නන් සිය උපහාසය පළකර ඇත.

ඇතැම් පිරිස් මෙම උත්සවය සඳහා සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ ඡායාරූප බෙදාගනිමින් පවසා ඇත්තේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අතරින් සහභාගී වී නැත්තේ සහරාන් හෂීම් පමණක් බවයි.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ ගම්මන්පිල පැවසුවේ වහාබ් අන්තවාදී මවුලවිවරයෙක් වන සහරාන් 2019 අගෝස්තුවේ දළදා පෙරහැරට ප්‍රහාර එල්ල කිරීමට නියමිතව සිටියත් නවසීලන්තයේ මුස්ලිම්වරුන්ට එල්ල වූ ප්‍රහාරය නිසා 2019 අප්‍රේල් මාසයේ පාස්කු ප්‍රහාරය එල්ල කළ බවයි.

එමෙන්ම, මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය ප්‍රතිපාදන මොහොමඩ් ඊබ්‍රහීම් විසින් ලබාදී ඇති බව උදය ගම්මන්පිළ මෙහිදී අවධාරණය කර ඇත.

ජාත්‍යන්තර ISIS සංවිධානයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ එම සංවිධාන නායකයා ලෙස සහරාන් මෙම ප්‍රහාරයේ සියලු මෙහෙයවීම් සිදුකළේ නම්, එහි මහ මොළකරු ලෙස සහරාන්ව හැඳින්වීමට තවත් සාක්ෂි අවශ්‍ය නොවන බව ද උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා ඇත.

මේ අතර ‘සොනික් සොනික්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පුද්ගලයකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් බව සමගි ජන බලවේගයේ ප්‍රධානින් පසුගිය කාලය මුළුල්ලේ දිගින් දිගටම අවධාරණය කර තිබිය දී ගම්මන්පිලගේ ”මහ මොළකරුවන් හෙළි කිරීමේ” අවස්ථාවට සජබ නායකයින් ද එක්ව සිටීම විශේෂත්වයකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...