නාමල්ගේ පම්පෝරි වී ටික මිලදී ගන්න වැඩපිළිවෙලක් නැහැ – ගොවි නායකයින්ගෙන් චෝදනා.

ආණ්ඩුවේ මැති ඇමතිවරු මාධ්‍ය ඉස්සරහ පම්පෝරි ගැහුවට මස් කන්නේ කැපෙන වී ටික මිලදී ගැනීමට යාන්ත්‍රණයක් සකස් කරන්නේ නැති බව ගොවි නායකයෝ චෝදනා නගනවා. මේ සම්බන්ධයෙන් කතාබහ කිරීමට ගොවි ජනතාවගේ පැත්තෙන් යෝජනාවක් ගෙනැවිත් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා සමග සාකච්ඡා කළ බව ඔවුන් පවසා සිටියා. ජනවාරි 10 වැනි ගොවිජන මන්දිරයේ දී පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය ඇමතු ගොවි නායකයෝ ප්‍රකාශ කර සිටියේ මාස්කන්නේ කැපෙන වී කිලෝවකට අවම වශයෙන් රුපියල් 130 ත් 140ත් අතර සහතික මිලක් ලැබිය යුතු බවයි . කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බව මාධ්‍ය වෙත අනාවරණය කළා.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ප්‍රකාශ කර තිබුණේ එළඹෙන සති දෙක ඇතුලට වී සඳහා සහතික මිලක් යෝජනා කරන බවයි.

තව සති දෙකක් ගතවන විට අම්පාර ප්‍රදේශයේ සියලුම කුඹුරුවල වී අස්වනු නෙලීම ආරම්භ වන බවත් එම වී තොග රැස් කර ගැනීමට ආණ්ඩුව යම් වැඩපිළිවෙළක් මේ වන විට සකසා තිබිය යුතු බව පෙන්වා දෙන ඔවුන් කියා සිටින්නේ පවතින අකාර්යක්ෂමතාවයන් නිසා මස් කන්නේ වී මිලදී ගැනීම සම්බන්ධ ගැටළු තිබෙන බවයි.

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මතුව ඇති ගැටලුවට විසඳුම් ලෙස යෝජනා කර තිබෙන්නේ කඩිනමින් හමුදාව යොදවා පවතින ගබඩා පිරිසිදුකර ගැනීම සඳහා කටයුතු කරන බවයි. පවතින ගබඩා හැට දෙක තුළ වී මෙට්‍රික් ටොන් 42000ක් ගබඩා කළ හැකි බව ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණා .

ගොවි නියෝජිතයන් පවසන්නේ සහල් ඒකාධිකාරිය බිඳින්න වී මෙට්‍රික් ටෝන් 25000ක් ආණ්ඩුව ගබඩා කරගත්තොත් හැකියාව ලැබෙන බවයි . එසේ වුවහොත් ගොවියාට හොඳ මිලකුත් පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහලුත් ලබාදිය හැකි බව ඔවුන්ගේ අදහසයි.

ගංවතුර හේතුවෙන් වී ගොවිතැන 30% හානි වී ඇති බවත් එය කිසිසේත්ම ඉදිරි සහල් අර්බුදයකට තුඩු නොදෙන බව පෙන්වා දෙන ගොවි නායකයන් කියන්නේ යම් අර්බුදයක් නිර්මාණය වුණොත් එය සිදුවන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ වැඩපිළිවල කාර්යක්ෂම නොවීම පදනම් කරගෙන බවයි.

පොළොන්නරුවේ කැපෙන වී මහා පරිමාණ ව්‍යාපාරිකයෝ රුපියල් 135 මිලදී ගන්නා බවත් එසේ මිලදී ගන්නේ අමූ වී බව පවසනවා . සහල් ව්‍යාපාරිකයෝ එසේ අමූ වී එකසිය තිස්පහට මිලදී ගන්නේ අයුතු ලාභයක් ලබන්නට හැකියාව තිබෙන හෙයින් බව පෙන්වා දුන්නා .

වී මිලදී ගන්න මෝල් හිමියන්ට ණය දෙයි – සහතික මිලක් ගැන කතාවක් නැහැ

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...