ඔබන්ඩ කලින් ලිහන්න වෙන මල්ල

එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

“රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න හදන්න එපා. රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 4 තැපැල් ඡන්දෙට පෙර කැබිනට් තීන්දුවක් ගත්තා මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ ඡන්දය ඉලක්ක කරගෙන. හැබැයි රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා. ඒක රාජ්‍ය සේවකයින් මුලා කරන්න ඉදිරිපත් කරපු දෙයක් මිසක් ඇත්ත දෙයක් නෙමෙයි.”

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...