ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නිසා සජබය අර්බුදයක

සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරඟ කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරඟ කිරීම කෙරෙහි සිය අවධානය යොමුකර ඇති බවට වාර්තාවනවා.

සජබ සන්ධාන පක්ෂ ලෙස නිදහස ජනතා සභාව, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් කටයුතු කරනු ලබනවා.

සමගි ජන බලවේගයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් එකක් සඳහා එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර තමා නම් කරමින් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී ඇති අතර ඉතිරි මන්ත්‍රී ධුර හතර සඳහා මෙතෙක් කිසිවකු පත්කර නැහැ.

ඒ සන්ධානගතව තරඟ කළ පක්ෂ පොරොන්දු වූ පරිදි එම මන්ත්‍රී ධුර ලබා දෙන ලෙස ඉල්ලීමත්, එම පක්ෂයේ පරාජයට පත්වූ මන්ත්‍රීවරුන් ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලෙස කරන ඉල්ලීමත් හේතුවෙන්.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා නම්කර ඇත්තේ එම පක්ෂය සමඟ සන්ධානගතව තරඟ කළ නිදහස ජනතා සභාවේ ඩලස්අලහප්පෙරුම, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ සාගරන් විජයාන්ද්‍රිරන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිෂාම් කාරියප්පර් යන අපේක්ෂකයන්.

එම ලැයිස්තුවේ මුල් අපේක්ෂකයන් දෙදෙනා ලෙස සිටින්නේ සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා ඉමිතියාස් බාකීර් මාකර්.

මීට පෙර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය සන්ධානයක් ලෙස තරග කළ අතර එම අවස්ථාවේදීද පොරොන්දු වූ පරිදි සෙසු පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුන් අතර සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගෙන්ම එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරවනු ලැබුවා.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...