රජයේ සැප වාහනවලට වෙන්න යන දේ

මේ වන විට රජයේ අමාත්‍යාංශ සතුව පවතින ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් අඩු, අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ අමාත්‍ය මණ්ඩලයේ සහ රජයේ තක්සේරුකරුගේ සහතිකය ලබා ගැනීමෙන් පසු මෙම මෝටර් රථ වෙන්දේසි කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම සුඛෝපභෝගී මෝටර් රථ නඩත්තු කිරීම සදහා රජයට විශාල මුදලක් වැය වීම මෙම තීරණයට හේතූ වී ඇති බවද වාර්තා වෙනවා.

මෙලෙස වෙන්දේසි කිරීමට සූදානම්ව ඇති වාහනවලින් බෝහෝමයක් මින් පෙර මැති ඇමතිවරුන් විසින් භාවිත කරන ලද වාහනයි.

කෙසේවෙතත් මේ සම්බන්ධව මත දක්වන ඇතැමුන් පවසන්නේ මෙම වෙන්දේසි කිරීම හරහා රටට ලොකු සෙතක් අත්වෙනු නැති බවයි. මෙම වාහනවල ගැටලුව වන්නේ මේවා නඩත්තුව සඳහා අධික මුදලක් වැයවීම පමණක් නොවන අතර මේ වාහන සඳහා අධික ප්‍රමාණයෙන්ද ඉන්ධන වයවීමයි. රටේ ඉන්ධන පරිභෝජනය රටේ ජනගහනයට සාපේක්ෂව වැඩිවීම සඳහා මේ කාරණය බලපා ඇති බව බොහෝ දෙනෙක් දන්නා කාරණයකි. ආර්ථික විශ්ලේෂක ධනුෂ පතිරණ වැනි අයගේ අදහස් වි ඇත්තේ මේ වාහන අපනයනය කළ යුතු බවයි. ඒ හරහා අපේ රටේ ඉන්ධන පරිභෝජනය අඩුකරගත හැකි බවද ඔහුගේ අදහසකි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...