බිත්තර මිල වැඩිවෙන්න හේතුව

බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බව ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ පවසනවා

කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 – 130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බව එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ සඳහන් කරනවා.

වෙළඳපොළේ බිත්තර තොග මිල ඉහළ ගොස් තිබෙන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලේකම්වරයා ප්‍රකාශ කළේ කුකුල් කෑම මිල ඉහළ යාම මේ සඳහා බලපා ඇති බවයි.

මෙරට බඩ ඉරිගු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 06ක් වන අතර, නිෂ්පාදනය කරනු ලබන්නේ ලක්ෂ 03ක් පමණක් බව සඳහන්.

ඒ හේතුවෙන් තවත් ලක්ෂ 03ක්ම ආනයනය කිරීමට සිදු වන අතර ඉදිරියේදී, මෙය සමතුලිත කර ස්ථාවර මිලක තබා ගැනීමට උත්සහ කරන බව ද ඔහු සඳහන් කළා.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...