දැන් හැමෝම ජනතා දේපොළ විකුණන IMF පාරෙ යන්න හදන්නේ – වසන්ත මුදලිගේ

හොරාකෑම නවතා, හොර මගඩිය නවත්තා මේ රටේ ඇත්ත ක්‍රම වෙනසක් කිරීම සඳහා නුවන් බෝපගේ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නැයි ජන අරගල සන්ධානයේ වසන්ත මුදලිගේ ඉල්ලා සිටී.

 

ඔහු මෙම ඉල්ලීම කළේ ඊයේ (18) දින පැවති මාධ්‍ය හමුවක දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ…

‘‘අද ජන අරගල සන්ධානය මේ හමුව කැඳවන්නේ මැතිවරණ වේදිකාවල කතාවෙන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ජනතාව කල්පනා කරනවා ඊළඟට එන ජනාධිපති මේ ප්‍රශ්න විසඳයි කියලා. රනිල් ඊයෙ කිව්වා ‘මං බංකොලොත් භාවයෙන් රට බේරගත්තා ඒ නිසා මට ඡන්දෙ දෙන්න’ කියලා. පහුගිය කාලේ හැම පක්ෂෙට ම පැන පැන හිටපු නිමල් සිරිපාලල ඇතුළු නඩය ඒකට හුරේ දානවා. තව පැත්තකින් නාමල් එනවලු රට බේරගන්න. තිස්ස කුට්ටි ආරච්චිලා ජෝන්ස්ටන්ලා එයාට හුරේ දානවා. විපක්ෂෙ පැත්තෙන් සජිත් ඇතුළු පිරිසත් රට බංකොලොත් භාවයෙන් බේරගන්නව කියලා හුරේ දානවා. තව අය අලුතෙන්ම බලේ ගන්න ඇවිත් ජනාධිපති වෙන්න සූට් මහගෙන බලාගෙන ඉන්නවා.

දැන් මේ හැමෝම යන පාර තමයි අයි එම් එෆ් පාර; රටේ ජනතා දේපළ විකුණන පාර. මේ ණය ගන්න කෙවිට දැන් තියෙන්නෙ රනිල් අතේ. මේ කෙවිට ගන්න තමයි හැමෝම පොරකන්නෙ. අපි කියන්නෙ කෙවිට අතේ තියෙන කෙනා මාරු වුනාට කෙවිටෙන් බැට කන්නෙ ජනතාව. ඒ නිසා අපි, මේ කෙවිටත් එක්කම කෙවිටෙන් අපිට තළන හැමෝම එකට තියල පරාජය කරන්න ඕන. අපි දැක්කා මැතිවරණයට කෝටි ගණං වියදම් කරන්න අපේක්ෂකයෝ සූදානම් වෙලා ඉන්නව. ස්වාධීන කියාගෙන එන රනිල් ඡන්දෙට රාජ්‍ය භාණ්ඩාගරේ සල්ලි වියදම් කරනවා; එයාගෙ කැම්පේන් එකට රාජ්‍ය මාධ්‍ය අවභාවිතා කරනවා. දැනට පනතෙ තියෙන විදියට එක ඡන්ද දායකයෙක්ට පක්ෂයකින් වැය කරන්න පුලුවන් රුපියල් විස්සයි. හැබැයි සිකුරාදා සාකච්ඡාවේදි පක්ෂ කියලා තිබුණෙ මේ ගාන දෙසීයක්, තුන්සියක්, හාරසියක් දක්වා වැඩි කරන්න කියලා. එතකොට මේ පක්ෂවලට කෝටි ගණං සල්ලි කොහෙන්ද…? මේ එළියට එන්නේ හොරාකාලා හංගපු සල්ලි; ජාවාරම්කාරයන්ගේ සල්ලි. ඊට පස්සෙ බලේ අරං මේ හොරු ජාවාරම් කාරයෝ සතුටු කරන්න තමයි සූදානම් වෙන්නෙ.’’

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...