මේ වසරේදී රු.බි. 3380ක් දේශීය ණය අරගෙන

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි මස 31 වැනිදා සිට දක්වා රජය විසින් රුපියල් බිලියන 3,380ක පමණ ණය දේශීය වෙළඳපොළෙන් ලබා ගෙන ඇති බව ජුනි මස 13 වැනිදා නිකුත් කරන ලද මහ බැංකු විශ්ලේෂණ වාර්තාවක් මගින් අනාවරණය වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පෙරේදා (15දා) පැවසීය.

මෙහි දී මාස 05 කදී භාණ්ඩාගාර බිල්පත්වලින් රුපියල් බිලියන 3085 ක් පමණ ද, භාණ්ඩාගාර බැඳුම්කරවලින් රුපියල් බිලියන 785 ක් පමණ මුදලක් ද, රජය විසින් ණය ලෙස ලබා ගෙන ඇත. 2024 ජනවාරි මාසයෙහි දී රුපියල් බිලියන 878 ක් ද, පෙබරවාරි මාසයේ දී රුපියල් බිලියන 661 ක් ද, මාර්තු මාසයේ දී රුපියල් බිලියන 843 ක් ලබා ගෙන ඇති අතර අප්‍රේල් සහ මැයි මාස 02 ක තුළදි රුපියල් බිලියන 720 ක් සහ රුපියල් බිලියන 779 ක්ද ණය මුදල් ලෙස ලබා ගෙන ඇත.

සාමාන්‍යයෙන් මාසයක දී ලබා ගන්නා දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 775 ක් ඉක්මවා ඇති අතර එක් දිනක දී ලබා ගන්නා සාමාන්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 25 ක් පමණ වන බව ද මහාචාර්යවරයා අනාවරණය කළේය. රජය ලබා ගන්නා ණය මුදල් මේ දක්වා ලබා ගෙන ඇති අනෙකුත් ණය ආපසු ගෙවීම සඳහා විශාල වශයෙන් වියදම් කිරීමක් ද පෙන්නුම් කර ඇති බවද මහාචාර්යවරයා පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...