Breaking News

මේ වසරේදී රු.බි. 3380ක් දේශීය ණය අරගෙන

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි මස 31 වැනිදා සිට දක්වා රජය විසින් රුපියල් බිලියන 3,380ක පමණ ණය දේශීය වෙළඳපොළෙන් ලබා ගෙන ඇති බව ජුනි මස 13 වැනිදා නිකුත් කරන ලද මහ බැංකු විශ්ලේෂණ වාර්තාවක් මගින් අනාවරණය වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පෙරේදා (15දා) පැවසීය.

මෙහි දී මාස 05 කදී භාණ්ඩාගාර බිල්පත්වලින් රුපියල් බිලියන 3085 ක් පමණ ද, භාණ්ඩාගාර බැඳුම්කරවලින් රුපියල් බිලියන 785 ක් පමණ මුදලක් ද, රජය විසින් ණය ලෙස ලබා ගෙන ඇත. 2024 ජනවාරි මාසයෙහි දී රුපියල් බිලියන 878 ක් ද, පෙබරවාරි මාසයේ දී රුපියල් බිලියන 661 ක් ද, මාර්තු මාසයේ දී රුපියල් බිලියන 843 ක් ලබා ගෙන ඇති අතර අප්‍රේල් සහ මැයි මාස 02 ක තුළදි රුපියල් බිලියන 720 ක් සහ රුපියල් බිලියන 779 ක්ද ණය මුදල් ලෙස ලබා ගෙන ඇත.

සාමාන්‍යයෙන් මාසයක දී ලබා ගන්නා දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 775 ක් ඉක්මවා ඇති අතර එක් දිනක දී ලබා ගන්නා සාමාන්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 25 ක් පමණ වන බව ද මහාචාර්යවරයා අනාවරණය කළේය. රජය ලබා ගන්නා ණය මුදල් මේ දක්වා ලබා ගෙන ඇති අනෙකුත් ණය ආපසු ගෙවීම සඳහා විශාල වශයෙන් වියදම් කිරීමක් ද පෙන්නුම් කර ඇති බවද මහාචාර්යවරයා පැවසීය.

leave a reply