පෙරටුගාමින්ගෙන් ඉදිරි මැතිවරණ සඳහා සන්ධානයක්

ප්‍රගතිශීලි වාමාංශික පිරිස් ඒකරාශී කර ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා මුහුණ දීමට සන්ධානයක් නිර්මාණය කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාර කලේකම් දුමින්ද නාගමුව ඊයේ ප්‍රකාශ කරනු ලැබුවා. ඔහු මේ බව අනාවරණය කරනු ලැබුවේ සිරස සටන දේශපාලන සංවාදයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව කියා සිටියේ පසුගිය අරගල සමයේ රට වෙනස් කිරීමට සාධනීයව මැදිහත් වුණු කණ්ඩායම් පුද්ගලයන් ඒකරාශී කර මෙම සන්ධානය නිර්මාණය කරන බවයි. ඊට අදාළ කටයුතු සූදානම් වෙමින් පවතින අතර ඉදිරි සති කිහිපය ඇතුළත සන්ධානය ජනගත කරන්නට කටයුතු කරන බවත් ඊට අදාළ ප්‍රතිපත්ති රාමුව ජනගත කරන බවත් ඔහු කියා සිටියා.

පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලනය IMF ආධාර ලබා ගැනීම, ඉන්දියානු මැදිහත්වීම ශක්තිමත් කර ගැනීමේ යෝජනාව හැර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වෙනත් විකල්ප යෝජනා පවතින බවත් ඒවා පිළිබඳව ඉදිරියේදී සමාජ සමඟ සාකච්ඡා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු ගොඩනැගෙන සන්ධානය කටයුතු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා . ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම්වලදී මෙන්ම මැතිවරණ වලදී තමන් සමඟ එකතුව පවතින අර්බුදයෙන් ගොඩ යෑමට අවශ්‍ය දේශපාලන වටපිටාව නිර්මාණය කර ගැනීමට අත්වැල් බැඳගන්නට කියා ඔහු ජනතාවගේ ඉල්ලා සිටියා.

 

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...