Breaking News

වතු සේවකයන්ගේ හිඟ අර්ථසාධක අරමුදල් රජය ගෙවන්න සූදානම්

වතු සේවකයන්ට වසර දහයක් පුරා නොගෙවූ රු. කෝටි 500කට අධික හිඟ අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, පොලියත් සමග ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම හිඟ මුදල් ගෙවීමට ජනාධිපතිවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පවසනවා.

රජයට අයත් වැවිලි සමාගම් වන ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන තුනෙහි පමණක් රුපියල් කෝටි 500කට ආසන්න හිඟ අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල්, වසර දහයකට අධික කාලයක් නොගෙවා ඇති අතර මේ හේතුවෙන් විශාල වතු සේවක පිරිසක් අපහසුවට පත්ව සිටින බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලට එරෙහිව වතු සේවකයන් විසින් පවරන ලද නඩු 2000ක් පමණ තිබූ අතර සේවකයන්ට විශාල නීතිඥ ගාස්තු ගෙවමින් මේ නඩු පවත්වාගෙන යෑමට ද සිදුව තිබූ බවයි.

 

leave a reply