වතු සේවකයන්ගේ හිඟ අර්ථසාධක අරමුදල් රජය ගෙවන්න සූදානම්

වතු සේවකයන්ට වසර දහයක් පුරා නොගෙවූ රු. කෝටි 500කට අධික හිඟ අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, පොලියත් සමග ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම හිඟ මුදල් ගෙවීමට ජනාධිපතිවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පවසනවා.

රජයට අයත් වැවිලි සමාගම් වන ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන තුනෙහි පමණක් රුපියල් කෝටි 500කට ආසන්න හිඟ අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල්, වසර දහයකට අධික කාලයක් නොගෙවා ඇති අතර මේ හේතුවෙන් විශාල වතු සේවක පිරිසක් අපහසුවට පත්ව සිටින බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලට එරෙහිව වතු සේවකයන් විසින් පවරන ලද නඩු 2000ක් පමණ තිබූ අතර සේවකයන්ට විශාල නීතිඥ ගාස්තු ගෙවමින් මේ නඩු පවත්වාගෙන යෑමට ද සිදුව තිබූ බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...