ගෝල්ෆේස් එකේ බලෙන් කානිවල් දාලාලු

කොළඹ ගාලුමුවදොර පිටිය ලබාදෙන්නේ ආගමික කටයුතු සඳහා පමණක් බව තීරණය කර තිබියදී පිරිසක් විසින් දේශපාලන බලය පාවිච්චි කරමින් සැණකෙළියක් පවත්වා ඇති බව ලංකාදීප වාර්තා කර තිබේ.

මෙම සැණකෙළිය වහාම නවත්වන ලෙසට ඒ පිළිබඳ ආරංචිය ලද වහා කොළඹ ගාලු මුවදොර පිටිය බාර ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශන සේවා සමාගම සංවිධායකවරුන්ට දැනුම්දී ඇතත් ඔවුන් ඒ කිසිවක් ගණන් නොගෙන සැණකෙළිය බලහත්කාරයෙන් පවත්වාගෙන යන බව දැනගන්නට ඇත.

මෙම සැණකෙළිය ආරම්භ කර ඇත්තේ පසුගිය 23 බ්‍රහස්පතින්දාය. එය සිවුවැනි දිනයටත් ඊයේද පැවැත්වුණු බව වාර්තාවේ.

ආගමික උත්සවය වෙනුවෙන් ගාලු මුවදොර පිටිය වෙන්කර දීමට රුපියල් ලක්ෂ 45 ක අස්තමේන්තුවක් ලබාදී ඇතත් එම සංවිධායකයන් සමාගමට දැනට ගෙවා ඇත්තේද ලක්ෂ විස්සක පමණ මුදලක් පමණක් බවද වාර්තා වේ.

කොළඹ ගාලු මුවදොර පිටිය ආගමික කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිම උත්සවයකට ලබා නොදීමට කැබිනට් මණ්ඩලය අරගලයෙන් පසු තීරණය කර තිබුණි.

මෙහි ඇති පුදුමයට කාරණය වන්නේ අධි ආරක්‍ෂිත කලාපයක් වන ගාලු මුවදොර මෙවැනි ආකාරයට බලහත්කාරයෙන් සැණකෙළි පවත්වන්නට හයියක් ඇත්තේ කාටද යන්නයි. එසේම එය වැරදි ක්‍රියාවක් නම් ඒ සම්බන්ධයෙන් පියවර නොගන්නේ ඇයිද යන්න ගැනද ප්‍රශ්න කළ යුතු වේ. එසේම මෙවැනි තීරණයක් ගෙන තිබියදී මීට පෙරද සංගීත සංදර්ශන, අවුරුදු උත්සව සහ සැණකෙළි කිහිපයක්ම මෙම ස්ථානයේ පැවැත්වුනි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...