වතු සමාගම් දැඩි තීරණයක – ඇමති කිව්වා දේ ක්‍රියාත්මක කරයිද?

රජය යෝජනා කළ පරිදි වතු සේවකයින් සඳහා ඉදිරිපත් කළ රුපියල් 1,700ක වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරෙයි පැවසුවේ තේ වතු හිමියන්ගෙන් කරුණු විමසීමකින් තොරව අදාළ වැටුප් වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවයි.

අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රොෂාන් රාජදොරෙයි මහතා එම අදහස් පළකළා.

“රජය විසින් කර්මාන්තයේ නියුතුව සිටින සියලු පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව කිසිඳු සැලකිල්ලක් හෝ තැකීමක් නොකරමින් මෙම තීරණයට එළඹ තිබෙනවා. කිසිඳු ප්‍රතිලාභයක් නොලැබෙන එම තීරණය මඟින් මෙරට තේ සහ රබර් කර්මාන්තයේ සෑම අංශයක්ම තව දුරටත් දුර්වල කිරීමට හේතු වන බව අපගේ විශ්වාසයයි. එවැනි අසාධාරණ වැටුප් වැඩි කිරීමක් සිදු කරන ලෙස කුඩා තේ සහ රබර් වතු හිමියන්ට හා කලාපීය වැවිලි සමාගම්වලට බල කිරීමේ උත්සාහය කර්මාන්තයේ මූලික මෙහෙයුම් අවශ්‍යතා කප්පාදු කිරීම තුළින් හෝ සාර්ථක කර ගැනීමට නොහැකියි. මුළු මහත් වතුකරයේම අනාගතය මේ වන විට අවදානමට ලක්ව තිබෙන අතරම ශ්‍රී ලංකාව පුරා කර්මාන්තයේ නියැලී සිටින කම්කරුවන්ගේ සහ ප්‍රජාවන්ගේ ජීවනෝපායද තර්ජනයට ලක්ව තිබෙන බව මේ මොහොතේ සඳහන් කිරීමට කැමතියි”

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පසුගියදා පවසා තිබුණි.

අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...