මහජන උපයෝගිතා කොමිෂන් සාමාජිකයන් මාස 3න් රැස්වී නැහැ

ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් සියලු දෙනාම මාස තුනකට වඩා වැඩි කාලයක් කොමිෂන් සභා රැස්විම්වලට සහභාගිවි නැති බවත් එම නිසා කොමිෂන් සභා පනතට අනුව ඔවුන් එහි සාමාජිකත්වය ගැනිමට නොසුදුස්සන් බවත් ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති ඇමතිවරයාට ලිඛිතව දන්වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සංජිව ධම්මික ඊයේ (19) පවසා සිටියා.

ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනිමේ බලය තිබෙන්නේ ද ඇමතිවරයාට බව ඔහු සඳහන් කළා.

කොමිෂන් සභා පනතේ 7(iv)ප්‍රකාරව අඛණ්ඩව මාස තුනක් කොමිෂන් සභා රැස්විම් වලට සහභාගි නොවන්නේ නම් ඔවුන් කොමිෂන් සභාවේ සාමාජික ධුරය දැරිමට නුසුදුස්සන් බව පනතේ සඳහන් බව ධම්මික පවසනවා.

ඒ අනුව කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු , උප සභාපති නීතිඥ චතුරිකා විජේසිංහ, සාමාජික ඩලස් නානායක්කාර , සාමාජික සෙල්ලම්පොළ ගෙදරසේනාරත්න , සාමාජික කළුතන්රිගේ දොන් රංජිත් යන සාමාජිකයින් මාස තුනකට වඩා වැඩි කාලයක් රැස්විම් වලට සහභාගි වි නැති බව පෙන්වා දෙනවා.

එම සාමාජිකයින් 2023 පෙබරවාරි 15 සිට මැයි 23 දක්වා කාලයක් මෙලෙස නොපැමිණි බව ධම්මික පවසනවා.

කොමිෂන් සභාවේ කටයුතු ගිය වසරේ නොවැම්බර් මාසයේ සිට අකර්මණ්‍ය වි ඇති බවත් මේ නිසා යතා කාලයේදී ජනන සැලැස්මට ද බාධා පැමිණිම හරහා විදුලි පිරිවැයට බලපෑම් ඇති කිරිමට හැකි බවද ලේකම් සංජිව ධම්මික සඳහන් කරනවා.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...