මධ්‍යම අධිවේගී මාර්ගයේ තවත් බාල්ක දෙකක් අවදානම් තත්ත්වයක

කඩවත – මීරිගම අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනාවී තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පැවසුවේ විශේෂඥයින් තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට යෝජනාවී ඇති බවයි.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයේ මූලික වාර්තාව මේ වන විට ලැබී ඇති බවයි.

පසුගිය 4 වැනිදා පස්වරු 5.45 ට පමණ මෙම කොන්ට්‍රීට් බාල්කය කඩා වැටී තිබුණේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ බෙම්මුල්ල, කදඔළුවාව ප්‍රදේශයේදී.

කඩා වැටුණු කොන්ට්‍රීට් බාල්කය මීටර් 35 ක පමණ දිගකින් යුක්තයි.

මාර්ගයේ තවත් බාල්ක දෙකක් අවදානම් තත්ත්වයේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...