කීරි සම්බා මිල පාලකයා අයවැය තේ පැන් සංග්‍රහයේ

නොවැම්බර් 17 වන දා පැවැති කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කීරී සම්බා මිල පාලනය නොකිරීම පිළිබඳ ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කළා. ඒහිදී මාධ්‍යවේදියෙක් පෙන්වා දුන්නේ වෙළඳපළෙන් මිලදීගන්නා හන්ඩ වල බිලේ අනෙකුත් නම් සදහන් කලද සහල් වල නම සඳහන් නොකරන බවයි. කිලෝ පහේ කීරි සම්බා මිටියක් 1300 ට විකිණිය යුතු වුණත් වෙළඳපළේදී මිලදී ගැනීමට සිදුවන්නේ මිටියක් 1800ට බව ඔහු පෙන්වා දුන්නා . මිල පාලනය කිරීම කරන්න නොහැකි වී තිබෙන්නේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු තේ පැන් සංග්‍රහයට පැමිණි මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයා නිසාදැයි සැක මතු කරනු ලැබුවා .

එනමුත් කැබිනට් ප්‍රකාශ නලින්ද ජයතිස්ස ඒ සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබා දීමට උනන්දුවක් නොදක්වා ප්‍රශ්නය විහිළුවෙන් මගහැර ගිය ආකාරයක් දකින්න තිබුණා .

Share post:

Popular

වෙනත් පුවත්

කාවන්තිස්සගේ මරණයට හේතුව ගැන අධිකරණයේදී අනාවරණයක්

කාවන්තිස්ස හස්තියා මිය යෑමට හේතුව වෙඩි තැබීමක් නොව මහාන්ත්‍රයේ...

මෙන්ඩිස් සමාගම බදු අඩුකරගන්න අල්ලස් දීලා

මෙන්ඩිස් සමාගම විසින් රජයට නීත්‍යානුකූලව ගෙවිය යුතු බදු මුදල්...

දශකයක් තුළ ඉතාලි පාසල් පද්ධතියට ළමුන් ලක්ෂ 8 ක් අහිමි වෙයි.

නොවැම්බර් 20 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය මුල්...

මුදාහළ ස්ත්‍රී ආත්මයක සංවේදනය

ධම්මිකා විජේසිරිගේ 'ඉහිල් මුහුලස්' උනා දැමීමීට පෙර ඇය 'මේඝමාලාගේ...