Tag: jana aragala

  • රනිල්ට මැතිවරණය කල් දන්න දෙන්නේ නෑ – වසන්ත මුදලිගේ

    රනිල්ට මැතිවරණය කල් දන්න දෙන්නේ නෑ – වසන්ත මුදලිගේ

    “මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය සහ මැතිවරණ පැවැත්වීමට කොමිසමේ සූදානම” පිළිබඳව සාකච්ඡා කිරීමට ජන අරගල සන්ධානය අද(10) මැතිවරණ කොමිසම වෙත ගොස් තිබෙනවා.

    එහිදී ජන අරගල සන්ධානය මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

    ඒ සදහා ජන අරගල සන්ධාන විධායක සභාව නියෝජනය කරමින් වසන්ත මුදලිගේ, තරිදු උඩුවරගෙදර, ධර්මසිරි ලංකාපේලී, රාජ්කුමාර් රජීව්කාන්ත්, ලහිරු වීරසේකර සහ සරණපාල යන අය මෙම හමුව සඳහා පැමිණ සිටියා.

    මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත මුදලිගේ පවසා සිටියේ,

    “අද මැතිවරණ කොමසාරිස් ජෙනරාල් එක්ක අපි කතා කළා ආණ්ඩුවේ මැතිවරණ කල් දාන කුමන්ත්‍රණය ගැන. රනිල් වික්‍රමසිංහලාට දැන් ඕන ඡන්ද නොතියා යන පාරක්. පළාත් පාලන මැතිවරණය වෙලාවේ රනිල් කිව්වේ ඡන්ද කල් දාලා නෑ.. කල් දාන්න ඡන්ද නෑ කියලා..” ඊයේ මාතර රැස්වීමේදී කියනවා ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ගැන රට ගැන හිතලා තීරණය කරමුලු. රනිල් වික්‍රමසිංහට අයිතියක් නෑ එහෙම කියන්න. එයාට ජනවරමක් නෑ. කොටින්ම පොහොට්ටුව දුන්න ටෙම්පරි ජන වරමත් 2022 ජූලී රටේ ජනතාව අවසන් කළා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය හකුලවන තීරණ ගන්න මේ කාටවත් බෑ. මේ ගැන අද මැතිවරණ කොමසාරිස් එක්ක කතා කළා. ඔහු කිව්වා ඔවුන්ට පැවරී ඇති බලතල අනුව මැතිවරණ පැවැත්වීමට සූදානම් කියලා.”

    තවදුරටත් ඔහු කියා සිටියේ ” ජන අරගල සන්ධානය ලෙස ප්‍රජාත්නත්‍රවාදය හකුළුවන ඕනෑම කුමන්ත්‍රණයකට එරෙහිව මැදිහත්වෙනවා.

  • පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ ගන්නේ අපිට ආදරේටද? – විදුලි පනත ගැන වසන්ත කියන කතාව

    පෞද්ගලික සමාගම් විදුලි බල මණ්ඩලේ ගන්නේ අපිට ආදරේටද? – විදුලි පනත ගැන වසන්ත කියන කතාව

    මෙරට විදුලිබල මණ්ඩලය කොටස් කර විකිනීමට අදාළ විධි විධාන සලසන විදුලි පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මඟින් අප්‍රේල් 17 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණා.

    එය මීළඟ සභාවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සදහන් වේ.

    මෙම නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශ්ව රැසකින් විවිධ චෝදනා එල්ල වී තිබුණා.

    ඊයේ (19) පැවති ජන අරගල ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වසන්ත මුදලිගේ මෙම පනත පිළිබඳ අදහස් පළකර තිබුණි.

    ඔහු පවසන්නේ,
    ”අලුත් අවුර්ද්දේ ආණ්ඩුව වැඩ අල්ලලා තියෙන්නේ විදුලි මණ්ඩලය විකිනීමට අදාළ පනත ගෙනත්. 17 වෙනිදා විදුලි බල මණ්ඩල සංශෝධන කෙටුම්පත ගැසට් කරලා. මේ පනතේ තියෙන්නේ ජනතාවට අඩුවට විදුලිය දීම ගැන නෙමෙයි. විදුලි බල මණ්ඩලය කොටස් කරලා විකුණන විදිහ. 1969 අංක 17 දරන පනත හරහා විදුලි බල මණ්ඩලය ස්ථාපිත කිරීම හරහා විදුලිය ලාභ නොලබන සේවාවක් ලෙස සාමාන්‍ය ජනතාවට දෙන්න ඕනා කියන පදනම යටතේ අවම වශයෙන් විදුලි බිල වැඩි කරනවානම් උපයෝගීතා කොමිසමෙන් අහන්න ඕනා කියලා තියෙනවා. අලුතෙන් ගෙනාපු පනතින් විදුලිය උත්පාදනය, විදුලිය සම්ප්‍රේෂණය, විදුලිය බෙදා හැරීම, බිල් කැඩීම මේ සියල්ල පුද්ගලික සමාගම්වලට දෙනවා. දැනට රජය යටතේ තමයි විදුලිය තියෙන්නේ. රජය යටතේ විදුලි බල මණ්ඩලය තිබිලත සියයට 400න් විදුලි බිල වැඩි කරා. සාමාන්‍ය ජනතාවගේ ගෙවල් ලක්ෂ 10කගේ විදුලිය කපුවා. ලක්ෂ 50ට රතු බිල් ආවා. එතකොට පෞද්ගලික සමාගම් එන්නේ අපිට ආදරේටද? ඒ සමාගම් එන්නේ විශාල ලාභයක් ලැබීමේ අරමුණින්. කොටස් කරලා විකුනුවට පස්සේ විදුලි බිල හැදෙන විදිහ අලුත් පනතේ තියෙනවා. විදුලි බිල හැදෙන විදිහ තමයි විදුලිය උත්පාදනය කරන සමාගමට වෙනම ගානක්. විදුලිය සම්ප්‍රේෂණය කරන සමාගමට වෙනම ගානක්. විදුලිය බෙදාහරින සමාගමට වෙනම ගානක්. මෙන්න මේ ඔක්කොම එකතු කරලා විදුලි බිල හැදිලා ඔබේ ගෙදරට එනවා. සියයට 700න් 800න් විදුලි බිල වැඩිවෙන්න තමයි නියමිත වෙලා තියෙන්නේ. ඒ වගේම විදුලි බිල සම්බන්ධයෙන් යම් බලපෑමක් කරන්න තිබුණු මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන්න තමයි පනතෙන් බලය ගෙනල්ලා තියෙන්නේ. ”

     

     

  • දුමින්දලා ඇතුලේ තියන්න අවශ්‍ය කාටද?

    දුමින්දලා ඇතුලේ තියන්න අවශ්‍ය කාටද?

    දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් ඊයේ නියෝග කර තිබුණි.

    ඒ ඊයේ (27) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර පසුදිනයේ පිරිසක් නිදහස් කරන ලදී. ඉතිරිව සිටි 09 දෙනෙකු අතරින් පස්දෙනෙකු ඊයේ දිනයේ නිදහස් කළ අතර දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි යන තිදෙනා පමණක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    පුදුමයට කාරණය වන්නේ මෙම තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හේතු ලෙස මොවුන්ට වෙනත් නඩු පැවතීම හේතු ලෙස සඳහන් කිරීමයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කලේ,

    ”20 වනදා අත්අඩංගුවට ගැනීමේදී අධිකරණ නියෝග කඩකිරීමක් තිබුනේ නැහැ, පොදු දේපල හානිකිරීමක් ගැන චෝදනාවක් තිබුනේ නැහැ. දුමින්ද, ළහිරු සහ ජිනරතන හිමි ඇප ලබා නොදීමට පොලීසිය ඉදිරිපත් කරපු කරුණු ගත්තට පස්සේ දේශපාලන කතාවක් මේ පිටුපස ඇති බව පැහැදිලියි. පොලිසිය අන්තිමේ අධිකරණයට කිව්වේ මේ අයට වෙනත් නඩු තියෙනවා ඒ නිසා මේ අයව රිමාන්ඩ් කරන්න ඕනා කියලා. ලංකාවේ නීතියට අනුව නඩුවකට ආවේ නැහැ කියලා තව නඩුවකදී රිමාන්ඩ් කරන්න බැහැ. අනිත් එක වෙනත් නඩුවලට ආවේ නැහැ කියන එක සම්පූර්ණ බොරුවක්. දුමින්ද සහෝදරයා ගත්තොත් නඩුවකට නොපැමිණීම නිසා ඔහු වරෙන්තු වෙලා නැහැ. අඩුම නඩු අංකයක් පොලීසියට කියාගන්න බැරි වුනා. ළහිරු වීරසේකර සහෝදරයා අසනීප වී නඩුවලට නොපැමිණි අවස්ථා කිහිපයකදී වරෙන්තු නිකුත් වෙලා තිබුනා. නමුත් ඒ සියල්ල මෝසමක් හරහා නැවත ඉවත්කරගෙන තිබුණා. අන්තිමට පොලීසිය ඉදිරිපත් කරේ 2022 ඔක්තෝමබර් මාසේ ළහිරු සහෝදරයා සම්බන්ධ නඩුවක් තියෙනවා, ඒකට ඔහු සම්බන්ධ වුනේ නැහැ කියලා. හැබැයි එහෙම නඩුවක් ඔහුට දැනුම් දීලාවත් නැහැ. දුමින්ද සහෝදරයාටත් EPF කප්පාදුවට එරෙහි නඩුවක් තියෙනවා ඊට සහභාගී වුනේ නැහැ කියලා කිව්වා. මේ දෙකම සම්බන්ධයෙන් අඩුම නොතීසි නිකුත් කිරීමක් කරලා නැහැ. දන්නේ නැහැ. නඩුවක් කැඳවලා නැහැ. නමුත් ඒ දෙකටත් නැවත අලුත්කඩේ අධිකරණයේ ඇප ගත්තා. එහෙම තියෙද්දී කිසිම පිළිගත හැකි හේතුවක් නැතුව තව නඩු තියෙනවා කියලා තමයි දැන් මේ ඇතුලට දාලා තියෙන්නේ. මේක ලංකාවේ පොලීසිය වැඩ කරන විදිහ සම්බන්ධයෙන් ඉතා හොද නිර්ණායකයක්. විශේෂයෙන් රනිල් – රාජපක්ෂ ආණ්ඩුව කොහොමද දේශපාලන විරුද්ධවාදීන්ට හිරිහැර කරන්නේ. දැන් මේ ශ්‍රී ලංකා පොලිසියක් නෙමේනේ තියෙන්නේ. ටිරාන් – දේශබන්ධු පොලීසිය වැඩකරන විදිහ ඉතාම පැහැදිලිව පේනවා. ”

  • ජන අරගල විරෝධයකදී පොලීසිය ආයෙත් පිස්සු නටලා!

    ජන අරගල විරෝධයකදී පොලීසිය ආයෙත් පිස්සු නටලා!

    කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරය පැවැත්වූ සාමකාමී විරෝධතාකරුවන්ට පොලීසිය බාධා එල්ල කර තිබෙනවා.

    බදු බර – බඩු මිල පහත හෙලනු!
    IMF මර උගුල පරදවමු!
    ඉන්දී‍ය ආධිපත්‍යයවාදය පරදවමු!
    ATA, OSA ඇතුලු මර්ධන පනත් ඉරා දමනු!
    අත්ඩංගුවට ගත් විරෝධතාකරුවන් වහා නිදහස්කරනු! ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජන අරගල ව්‍යාපාරය ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට මෙම විරෝධතාව සිදුකර තිබුණා.

    මේ වන විට ජන අරගල ව්‍යාපාරයේ රැස්වීමකදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් පිරිසක් හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට බව කියමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව, වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ළහිරු වීරසේකර සහ මාධ්‍යවේදී අශෝක චන්ද්‍රසේකර ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවේ පසුවෙනවා.

    ජන අරගල ව්‍යාපාරය විරෝධතා පවත්වා තිබුණේ පෞද්ගලිකකරණය සහ අසාධාරණ ආර්ථික තත්වයන් ඇතුළු සිදුවීම් ගණනාවක් මුල් කර ගනිමුනිය.
    උදෑසන සිට කළුතර නගරයේ සහ ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබු අතර විරෝධතාව පැවැත් වූ ස්ථානය අවට පොලිස් කණ්ඩායම් රැසක් යොදවා තිබූ අයුරු දැකගත හැකිවු බවයි වාර්තා වන්නේ.

    ඔවුන්ගේ ආධාරකරුවන් දෙදෙනෙකු විරෝධතාකරුවන් වෙනුවෙන් රැගෙන ආ ටෙන්ට් රෙද්ද පැහැර ගැනීමට උත්සාහ කරමින් පොලීසිය කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වි තිබෙනවා.

    පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එක්ව ටෙන්ට් රෙද්ද රැගෙන ආ පුද්ගලයින් සහ ඒ සඳහා සහාය දැක්වූ අය සමග ඇතිවූ උණුසුම් තත්ත්වයකින් පසු ටෙන්ට් රෙද්දි සහ සිව්දෙනෙකු කළුතර දකුණ පොලිසියට රැගෙන ගොස් තිබෙන බවට වාර්තා වෙනවා. පසුව විරෝධතාකරුවන් නිදහස් කර තිබේ.

  • IMF එක තවත් ණය දෙන්න එකඟයි – IMF කොන්දේසිවලට විරෝධය දැක්වූ ක්‍රියාකාරීන් රිමාන්ඩ්

    IMF එක තවත් ණය දෙන්න එකඟයි – IMF කොන්දේසිවලට විරෝධය දැක්වූ ක්‍රියාකාරීන් රිමාන්ඩ්

    ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සිව් දෙනෙක් මාර්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

    එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ තවත් අයෙකුයි.

    ඊට අමතරව අධිකරණයට ඉදිරිපත් කළ තවත් 5 දෙනෙකු හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඔවුන්ව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

    මේ අතර ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීර්ණ ණය පහසුකමේ වැඩසටහන සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය අද දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුණා.

    ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟතාවයෙන් පසු ඩොලර් මිලියන 337ක මූල්‍ය වාරියක් ලැබීමට නියමිතයි.

    ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඵල දැරීම ආරම්භ වී ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එහිදී දැනුම් දී තිබෙනවා.

    ජන අරගල ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට, බදු බර සහ බඩු මිල වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කිරීමට, ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව සහ ATA සහ OSA යන මර්දන පනත්වලට එරෙහිවයි.

    ජාත්‍යන්තර අරමුදලේ කොන්දේසි සම්පූර්ණයෙන් ජනතාව මත බර පටවා තිබීම සහ ඒ හේතු නිසා ජනතාව කොතරම් පීඩාවට පත්ව සිටීද යන්න සම්බන්ධයෙන් එම විරෝධතාවයේදී අදහස් පළ කෙරුණි.

    නමුත් ඒ සඳහා ආණ්ඩුවේ ප්‍රතිචාරය වූවේ පොලීසිය යොදවා ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සහ විරෝධතාකරුවන්ට පහර දෙමින් අත්අඩංගුවට ගැනීමයි.

    දුමින්ද නාගමු සහ ලහිරු වීරසේකර අත්අඩංගුවට ගන්නා ලද්දේ උද්ඝෝෂණය අවසන්ව විසිර යමින් සිටියදීය. පොලිසිය දුම්රිය ස්ථානය තුළදී සහ බස් රථ තුළදී උද්ඝෝෂණය අවසන්කර නිවෙස් බලා යමින් සිටි අයද අත්අඩංගුවට ගනු දක්නට ලැබිණි.

    ආණ්ඩුවේ අරමුණ වී ඇත්තේ ජනතාවගේ විරෝධය දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දරුණු ලෙස මර්දනය කිරීමයි.

    තම කොන්දේසි හරහා ජනතාව පීඩාවට පත්වීම මෙන්ම මේ ආකාරයට රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදුකරන ජනතා අයිතීන් මර්දනය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු අවදානයක් ලබා නොදෙන බව පැහැදිලිය.

     

     

  • ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයට අමානුෂික පොලිස් ප්‍රහාරයක් – 33ක් අත්අඩංගුවට

    ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයට අමානුෂික පොලිස් ප්‍රහාරයක් – 33ක් අත්අඩංගුවට

    අද ජන අරගල ව්‍යාපාරය විසින් පැවැත්වූ විරෝධතාවය අතරතුර සහ විරෝධතාවයෙන් පසුව 33ක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම එක් ක්‍රියාකාරිනියක් කඳුළු ගෑස් කැනිස්ටරයක් වැදී රෝහල් ගතකර ඇත.

    අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිට කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටින අතර නීතිඥවරුන්ට ඔවුන් බැලීමට ඉඩ ලබාදී නැති බව වාර්තා වේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට, බදු බර සහ බඩු මිල වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කිරීමට, ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව සහ ATA සහ OSA යන මර්දන පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය පවත්වා තිබුණි.

    කොටුව දුම්රිය පොළ අසළ විරෝධතාවය ආරම්භ වී සුළු වෙලාවකට පසු පිරිස ගුණසිංහ පුර දෙසට පාගමනක නිරත වූ අතර ඒ අවස්ථාවේ පොලීසිය බාධා කිරීම සිදුකරන ලදී. එසේම පොලිස් නිලධාරීන් විසින් විරෝධතාකරුවන්ට පහර දෙන ආකාරය, ඇදගෙන යන ආකාරය දැකිය හැකි විය.

    විරෝධතාකරුවන් බාධා නොතකා නැවතත් කොටුව දුම්රිය පොළ දෙසට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් කැරළි මර්දන ඒකකයෙන් පැමිණ ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කරනු දැකිය හැකිවිය.

    ඉන්පසු විරෝධතාකරුවන් විසිර යාමෙන් අනතුරුවද පොලීසිය විසින් පුද්ගලයන් අත්අඩංගුවට ගනු දක්නට ලැබුණි.

  • ලාංකීය රියැදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීම පිළිබඳ ගැටලුව විසඳා ගැනීම

    ලාංකීය රියැදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීම පිළිබඳ ගැටලුව විසඳා ගැනීම

    ශ්‍රී ලංකා  හා ඉතාලි රජයන්ගේ අන්‍යෝන්‍ය අවබෝධය මත ක්‍රියාත්මක වූ ලංකාවේ රියදුරු බරපත්‍රය ඉතාලිය තුළ වලංගු කර ගැනීම සඳහා වූ ප්‍රතිපාදන වරින් වර යාවත්කාලීන වුවද 2022 පෙබරවාරි 28 වැනි දායින් පසුව එය සිදු නොවීම නිසා ඉතාලිය තුල  රැකියා කරන විශාල ලාංකිකයන් පිරිසක් අපහසුතාවයට පත් වී සිටින බව අපි දනිමු.  ශ්‍රී  ලංකා රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රය ලෙස පරිවර්තනය කරගැනීමේ ක්‍රියාවලිය සක්‍රීය කර ගැනීම සඳහා  ගෙවී ගොස් තිබෙන අවුරුදු දෙක තුළ විවිධ පාර්ශ්වයන් විසින් මැදිහත්වීම් කළද එය විසඳා ගැනීමට නොහැකි වී තිබේ . . එහෙත් එම උත්සාහය අත් නොහරිමින් විවිධ කණ්ඩායම් මේ සඳහා බලපෑම් කරමින් සිටින මොහොතක  ජන අරගල ව්‍යාපාරය මීට මැදිහත් වී ඉතාලියේ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා වන තානාපතිවරයා වෙත මේ ගැටලුව විසඳීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ .

    පහත පලවන්නේ ජනා අරගල ව්‍යාපාරය විසින් ඉතාලියේ තානාපතිවරයා වෙත යොමු කළ ලිපිය


    ඉතාලියේ රියදුරු බලපතේ කථා වස්තුව

  • ඉන්දියානු බල දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලංකාව රූකඩයක් කිරීමට එරෙහිව ජන අරගලේ සටනේ

    ඉන්දියානු බල දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලංකාව රූකඩයක් කිරීමට එරෙහිව ජන අරගලේ සටනේ

    ඉන්දියාවත් සමඟ රනිල් වික්‍රමසිංහ අත්සන් කර තිබෙන ගිවිසුමට අනුව මේ රටේ ජනතාවගේ ඉඩම් විශාල ප්‍රමාණයක්, ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි ටිකත් අත්පත් කරගන්න සැලසුම් කර තිබෙන බව ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ පවසයි.

    වසන්ත මුදලිගේ වැඩිදුරටත් පැවසුවේ,

    ”කින්නියා ප්‍රදේශයේ ඉඩම් විශාල කොටසක් ඉන්දියානු ආර්ථික කලාපය හදන්න නිදහස් කරගන්න සැලසුම් කර තිබෙනවා. මේ ජනතාවට කියලා තියෙන්නේ වෙනත් තැනක පදිංචි කිරීම් සඳහා නඩත්තු දෙන්නම් වෙනත් ඉඩම්වලට අදාළ වන්දි දෙන්නම් කියලා ජනතාව අන්දලා තමයි මේ සැලසුම ක්‍රියාත්මක කරන්න යන්නේ. නමුත් ජනතාව එක්ක කතා කරලා බැලුවම තේරෙනවා නැවත පදිංචි කිරීම් ගැන සැලසුමක් නැහැ. දෙන ආධාර ගැන පැහැදිලිව කියල නැහැ. පසුගිය කාලයේ රාජ්ය සේවකයන්ට පඩි වැඩිකරන්නවත් රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් තිබුනේ නැහැ. මැතිවරණය කල් දානකොට ආණ්ඩුව කිව්වේ ඒ සඳහා මුදල් නැහැ කියලා. බඩු මිල බදු බර වගේ සියලු දේ මිනිස්සු දරාගෙන ඉන්න කල් අපි දන්නවා රටේ රටේ සාමාන්‍ය ආර්ථික කටයුතු කරන්නවත් ආර්ථික හැකියාවක් නැති තත්ත්වයක් තුළ තමයි පවුල් 3600ක් මේ ප්‍රදේශයෙන් අයින් කරලා ඒවාට අදාළ නඩත්තු දෙනවා කියන්නේ. යාන් ඔය වගේ ව්‍යාපෘතිවලදී නැවත පදිංචි කිරීම කරපු නැති වන්දි ලබාදුන්නේ නැති මිනිස්සු සියගණනක් දැනටත් ඉන්නවා. එහෙම තියෙද්දී තමයි කින්නියාවලත් ත්‍රිකුණාමල නගරයේත් ඉන්දියාවට ඕන විදිහට ආර්ථික කලාපයක් හදන්න ඉන්දියාවේ බල දේශපාලනය ලංකාවේ ක්‍රියාත්මක කරන්න ජනතාවගේ ඉඩම් ගන්න හදන්නේ. සාම්පුර්වල බලාගාරයක් ගන්න අක්කර සිය ගණනක් ගන්න යන්නේ. ඒ බලාගාර හදන්නේ ඉන්දියාවේ අදානිලාට ඕන විදිහට ලංකාවේ බල ශක්තියට ඇඟිලි ගහන්න. අපි හිතනවා මේක පරාජය කළ යුතුයි. මොකද අපේ රටේ දේශපාලන ස්වෛරීත්වය බලශක්ති ස්වාධිකාරය ජනතාවට තියෙන්න නම් මේ ඉන්දියනු බල අධිකාරිය පරාජය කරන්න ඕනා. සංවර්ධන ව්‍යාපෘති කියලා ගෙන්න හදන්නේ මිනිස්සු මහා පාරට ඇදලා දාන එක. ඒ වගේම ඉන්දියාවේ දේශපාලන න්‍යාය පත්‍රයට රූකඩයක් ලෙස ලංකාව නටවන එක. රනිල් වික්‍රමසිංහ බදු වැඩිකරලා බඩු මිල වැඩිකරලා රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් ටිකක් හොයාගන්නවා. අනිත් පැත්තෙන් චීනය, IMF, ඇමරිකාව, ඉන්දියාව එක්ක ගිවිසුම් අත්සන් කරලා ජනතා දේපොළ විකුණලා තව කොටසක් හොයාගන්නවා. ඒ වගේම රාජ්‍ය දේපොළ කුණු කොල්ලයට විකුණලා තමන්ගේ දේශපලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න රනිල් හදන්නේ. ”

  • ඉන්දීය බලහත්කාරී ගිවිසුම්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය ලිපියක් බාරදෙයි

    ඉන්දීය බලහත්කාරී ගිවිසුම්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය ලිපියක් බාරදෙයි

    ලංකාවේ ජනතා සම්පත් උදුරා ගැනෙන සහ දේශපාලන – ආර්ථික ස්වෛරීත්වය අභියෝගයට ලක්වන ගිවිසුම් අත්සන් කිරීමට විරෝධයට පළ කරමින් ශ්‍රී ජන අරගල ව්‍යාපාරය විසින් ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් බාර දෙන ලදී.

    රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ කළ සංචාරය අතරතුර සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර පහකට අයත් ගිවිසුම් අත්සන් කළ බව වාර්තා විය. ඉන්දියාව සහ ලංකාව අතර තෙල් නලයක් එලීමේ ගිවිසුමක්, ඉන්දියාව සහ ලංකාව අතර විදුලි සම්ප්‍රේෂණය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමක්, ඉන්දියාව සහ ලංකාව යා කරන ගොඩබිම් මාර්ගයක් තැනීමේ ගිවිසුමක් සහ ඉන්දියානු රුපියල ලංකාවේ වෙළඳ හා වාණිජ කටයුතු වලට යොදා ගන්නා මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමේ ගිවිසුමක් ආදී විවාදාත්මක ගිවිසුම් මේ අතර තිබේ. ත්‍රිකුණාමලය ජාතික හා කලාපීය කාර්මික, බලශක්ති හා ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවී ඇත.

    ජන අරගල ව්‍යාපාරය සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම් හරහා ත්‍රිකුණාමලය වරාය ඇතුළු ජනතා සම්පත් ගණනාවක මෙහෙයුම් බලය ඉන්දියාවට ලැබෙන අතර ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය සහ දේශපාලන ස්වෛරීත්වය පවා මේවායෙන් තර්ජනයට ලක්වෙන බවයි. ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ලබාදුන් ඉන්දීය ණය සමග මෙවැනි අත්තනෝමතික කොන්දේසි බලෙන් පටවා තිබෙන බව විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබෙන අතර එවන් බලහත්කාරයක් හරහා මෙකී ගිවිසුම් අත්සන් කරවාගෙන ඇත්නම් එය ඉතා බරපතල වරදක් බවත් එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

    ජන අරගල ව්‍යාපාරය නියෝජනය කරමින් දුමින්ද නාගමුව, වසන්ත මුදලිගේ, ජෝතිරාජ් ජෙගන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.