Breaking News

විදුලි බිල අඩු කළ හැක්කේ සියයට 3න් ද? සියයට 33න් ද?

විදුලි බිලට පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු මුදල (ප්‍රතිශතය) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය

දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය.

මීට පෙර ආණ්ඩුව පැවසුවේ විදුලි ගාස්තුව සියයට 3.34න් අඩු කරන බවයි. දැන් එය ඊට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුකරන බව ආණ්ඩුවම පවසමින් සිටියි. ගෘහස්ථ සහ ආගමික සිද්ධස්ථාන සඳහා සියයට 18ක්, කර්මාන්ත සහ හෝටල් සඳහා සියයට 12ක් සහ රජයේ ආයතන සඳහා සියයට 24ක් වශයෙන් ගාස්තු අඩුකෙරෙනු ඇති බවට මත පළවෙමින් පවතියි.

කෙසේවෙතත් විදුලි ගාස්තු අඩුකිරීම ගැන අදහස් දක්වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය පුබුදු ජයගොඩ පවසන්නේ විදුලි ගාස්තුව 33%න් අඩුකළ හැකි බවයි.
පසුගියදා ඔහු සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී මේ පහත අදහස් පළකෙරිණි.

”2024 ජනවාරි මාසේ විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යවපු වාර්තාවට අනුව 3.34%න් විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා. අමාත්‍යවරය මේ ගානට වැඩියෙන් අඩු කරනවා කියලා දැන් කියන්නේ සියයට 8ක් 10ක් වගේ ගානකටනේ යන්න හදන්නේ. නමුත් රු බිලියන 50ක් පමණ ශුද්ධ ලාභයක් ගිය අවුරුද්දේ ලබාගත්ත තත්ත්වයකදී මේ අවුරුද්දේ ඉදිරිපත් කර තිබෙන ඇස්තම්නේතු වැරදි සංඛ්‍යා ලේඛණ සහිතව ඉදිරිපත් කර තිබෙන තත්ත්වයකදී සහ යන පිරිවැය බෙහෙවින් අඩුවිය යුතු වීම වැනි තත්ත්වයන් ඔක්කොම සැලකුවට පස්සේ සියයට 33න් විදුලි ගාස්තු අඩුකිරීමේ හැකියවක් තියෙනවා.

ඇමතිවරයා කියනවා විදුලි බල මණ්ඩලය ලාභයක් ලබනවා. ඒ ලාභය පාරිභෝගිකයෝ අතර බෙදලා දෙන්නම් කියලා. එක සම්පූර්ණයෙන් වැරදියි. ලංකා විදුලි බල පනතේ 30වැනි වගන්තියට අනුව ලාභය වෙනුවෙන් විදුලි ගාස්තු තීරණය කරන්න බැහැ. ලාභ උපයන්න හෝ ලාභ බෙදාහරින්න කියලා ගාස්තු තීරණය කරන්න බැහැ. ගාස්තු තීරණය කළ යුත්තේ සාධාරණ පිරිවැයට ගැලපෙන ලෙස කියලා පනතේ සඳහන් වෙනවා.

රු බිලියන 48ක ශුද්ධ ලාභයක් තියෙන බව විදුලි බල මණ්ඩලයම කියනවා. මේගොල්ලෝ ලාභය බිලියන 48යි කියලා තිබුනට යන්ත්‍ර ක්ෂයවීම් සඳහා කියලා බිලියන 55ක් අයින් කරලා. යන්ත්‍ර සූත්‍ර මිලදී ගෙන තියෙන්නෙත් ජනතා බදු මුදලින්. එහෙම තියෙද්දී යන්ත්‍ර සූත්‍ර ක්ෂය වීමත් ජනතාවගේ විදුලි බිලට එකතු කිරීම අයුක්ති සහගතයි.

විදුලි ජනන සඳහා බලශක්ති පිරිවැය 2024ට අවුරුද්දට රු බිලියන 351 ලෙස ගණන් බලලා තියෙනවා. 2023 අවුරුද්දේ දී මේක බෙහෙවින් අඩු ගණනක් තිබුනේ. විදුලි ජනන වියදම මේ වසර සඳහා රු බිලියන 85න් වගේ වැඩිකර තියෙනවා. 2023 වසර සඳහා ලංකා විදුලි බල මණ්ඩලේ බලාගාරවල නඩත්තුව සඳහා පිරිවැය ගිහිල්ලා තියෙන්නේ රු බිලියන 17900යි. මේ අවුරුද්දට රු මිලියන 81000ක් දාලා තියෙනවා. ඒ ඉල්ලකම් කොහොමද අපි පිළිගන්නේ. බෙදාහැරීමේ පිරිවැය 2023 වසරේ රු මිලියන 62000යි. ඒක මේ සැරේ රුපියල් මිලියන එක්ලක්ෂ තුන් දහසක් දාලා තියෙනවා. ගිය අවුරුද්දේ සේවක වැටුප් සඳහා ගිගින් තියෙන්නේ රු බිලියන 21යි. මේ අවුරුද්දේ රු බිලියන 43ක් දාලා තියෙනවා. 2024 වෙනකොට වැටුප් දෙගුණ වෙන්නේ කොහොමද? සේවක වැටුප් වැඩිකිරීමක් හෝ බෝනස් දීමක් ගැන රාජ්‍ය තීරණයක් නැතුව.

2024 ජනවාරි මාසේ විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යවපු වාර්තාව බැලුවම සාධාරණ ප්‍රශ්නයක් අපි හැමෝටම මතුවෙනවා අධික පිරිවැයක් පෙන්නලා එක පෙන්නලා විදුලි බිල වැඩිකරලා විදුලි බිල වැඩිකිරීම සඳහා අයුක්ති සහගත ලාභයක් ලැබීමේ අරමුණක් තමයි තියෙන්නේ කියලා.”

leave a reply