ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළට

යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශ වල වායූ ගුණාත්මකභාවය තවදුරටත් පහළ වැටි ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඉන්දයාවේ සිට හමාගෙන එන සුළංවල බලපෑම මත ඊයේ (16 ) දිනයේදී මෙරට දිස්ත්‍රික්ක රැසක වාතයේ ගුණාත්මක තත්ත්වය ඉතා පහළ අගයක් වාර්තා කර තිබුණා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්තවලට අනුව ඊයේ පෙරවරු 8.30 ට කුරුණෑගල නගරයේ වායු තත්ත්ව දර්ශයේ දත්ත අනුව දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) 275 ක් වැනි ඉතා වැඩි අගයක් පෙන්නුම් කර තිබෙනවා.

මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බැවින් එළමහනේදී මුව ආවරණ පැළඳීම සුදුසු බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කරනවා.

මීට අමතරව බණ්ඩාරවෙල සහ බදුල්ල ප්‍රදේශවල මීදුම වැනි තත්ත්වයක් සහ උෂ්ණත්වයේ පහළ යාමක් මෙම සුළං ධාරා නිසා සිදුව ඇති බවද වාර්තා වේ. 

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...