Breaking News

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළට

යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශ වල වායූ ගුණාත්මකභාවය තවදුරටත් පහළ වැටි ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඉන්දයාවේ සිට හමාගෙන එන සුළංවල බලපෑම මත ඊයේ (16 ) දිනයේදී මෙරට දිස්ත්‍රික්ක රැසක වාතයේ ගුණාත්මක තත්ත්වය ඉතා පහළ අගයක් වාර්තා කර තිබුණා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්තවලට අනුව ඊයේ පෙරවරු 8.30 ට කුරුණෑගල නගරයේ වායු තත්ත්ව දර්ශයේ දත්ත අනුව දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) 275 ක් වැනි ඉතා වැඩි අගයක් පෙන්නුම් කර තිබෙනවා.

මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බැවින් එළමහනේදී මුව ආවරණ පැළඳීම සුදුසු බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කරනවා.

මීට අමතරව බණ්ඩාරවෙල සහ බදුල්ල ප්‍රදේශවල මීදුම වැනි තත්ත්වයක් සහ උෂ්ණත්වයේ පහළ යාමක් මෙම සුළං ධාරා නිසා සිදුව ඇති බවද වාර්තා වේ. 

 

leave a reply