Breaking News

ගාසා තීරයේ පාසලක් හදන බවට රනිල්ගෙන් පොරොන්දුවක්

යුධ ගැටුම අවසන් වී ප්‍රතිසංස්කරණ කටයතු ආරම්භ වූ පසු ශ්‍රී ලංකාව ගාසා තීරයේ පාසලක් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා හමු වූ මැදපෙරදිග රටවල තානාතිවරුන්ට පවසා තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

යේමනයේ හවුති හමුදාවන් විසින් දියත් කරන ලද ප්‍රහාරවලින් ජාත්‍යන්තර නැව් ආරක්ෂා කිරීම සඳහා රතු මුහුදේ මුර සංචාරය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් අරාබි සහ ඉස්ලාමීය රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල ව්‍යාකූලත්වය ඉවත් කිරීම සඳහා බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා මෙම තානාපතිවරුන් කැඳවූ අතර එහිදී මේ බව අනාවරණය කළ බව සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසනවා.

පලස්තීන අරමුණ සඳහා ශ්‍රී ලංකාවේ සහාය සහ රාජ්‍ය දෙකේ විසඳුම සඳහා තම පරිපාලනයේ කැපවීම ද ජනාධිපතිවරයා මෙහිදී සහතික කර තිබුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාව රතු මුහුදට යෙදවීම සම්බන්ධයෙන්, එවැනි යෙදවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හිතකර බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතත් මේ සම්බන්ධයෙන් තවමත් සලකා බලමින් පවතින බවද පවසා තිබෙනවා .

නමුත් ශ්‍රී ලංකාවේ පලස්තීනයට සහයෝගය පළකරන්නන් පවසන්නේ ගාසා තීරයේ ජන සංහාරය අවසන් කිරීමට අදහස් කරමින් හූතිවරුන් ඊශ්‍රායල සබඳතා ඇති යාත්‍රා පමණක් ඉලක්ක කර ගනිමින් සිටි බැවින් ජනාධිපතිවරයාගේ මෙම පියවර ඊශ්‍රායලයට සහය දැක්වීමක් බවයි. එසේම ආර්ථික අර්බුදය ඇති මෙවැනි මොහොතක අතින් වියදම් කරගෙන ඇමරිකාව ප්‍රමුඛ ඊශ්‍රායලය රැකීමට යාම ගැන බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී තිබේ.

රතු මුහුදු කලාපයේ උග්‍ර වන යුද තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා එම ස්ථානගත කිරීම් සිදු කරයිද යන්න තවමත් පැහැදිලි නොමැති අතර එක්සත් ජනපදය සහ බි‍්‍රතාන්‍යය යේමනයේ හූති ස්ථාන වෙත බෝම්බ ප‍්‍රහාර කිහිපයක් සිදු කර ඇති අතර හූතිවරු පළිගැනීමේ ප‍්‍රහාරවලට පොරොන්දු වී තිබෙන බව සඳහන්.

රනිල් වික්‍රමසිංහ මෙම නැව් යවන ලද්දේ රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුන්නොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක් විය හැකි බවට බොරු පවසමිනි. මහා පරාක්‍රමබාහු රජ සමයෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා යවන පළමු අවස්ථාව මෙය බවටද ඔහු පුරාජේරු දොඩවන ලදී.

 

leave a reply