Breaking News

නව විදුලි බල පනතෙන් විධායක ඇමති කෙනෙක් නිර්මාණය වෙනවා – වෘත්තීය සමිති

නව විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය අද (09) අදහස් පළ කළා.

මෙම නව පනත හරහා විධායක ඇමතිවරයෙක් නිර්මාණය වන බව ඔවුන් සඳහන් කළා.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි බල මණ්ඩලයේ විදුලි තාක්ෂණික ඉංජිනේරු අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත ,

”මේ විදුලිබල පනත තුළින් විධායක ඇමතිවරයෙක් නිර්මාණය කරලා තියෙනවා. ඇමතිවරයාට සියලු බලතල අතට අරන් තියෙනවා. මේය ඉතාමත්ම නරක පූර්වාදර්ශයක්. මේ පනත තුළින් විදුලි බල ක්ෂේත්‍රයේ විදුලි ජනනය පිළිබඳ නව ප්‍රවනතා ඇති කරලා තියෙනවා. එය යම් ධනාත්මක තත්ත්වයක් නමුත් ඒ පිළිබඳ තරගකාරීත්වය නිර්මාණය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ තව විදියකින් කිව්වොත් මේය ව්‍යාපා‍රිකයින් අතට පත් වීමට තියෙන ඉඩකඩ වැඩි ඒ නිසා නියාමනය කියන කාරණය මේ පනත තුළින් ගිලිහිලි තියෙනවා. පැහැදිලිවම නියාමන ආයතනය විදියට මහජන උපයෝගිතා කොමිසම් සභාව තමයි තියෙන්නේ. ඒ නියාමන අයතනයේ බලතල අතිවිශාල කොටසක් ඇමතිවරයා යටතට අරගෙන තියෙනවා.

ඒ නිසා ඉදිරියේදී විදුලිබල ක්ෂේත්‍රනය නියාමනය කරන්නේ කවුද කියන ප්‍රශ්නය තියෙනවා. ස්වාධීන නියාමන ආයතනයක් එහෙම නැතිනම් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීටත් වඩා පුළුල් විදියට බලතල සහිතව තමයි පිහිටවිය යුත්තේ. නමුත් අවාසනාවකට එවැනි තත්ත්වයක් ඇති වෙලා නෑ”

leave a reply