Breaking News

මත්තලත් විකුණන්න සූදානම්

ශ්‍රී ලංකාවේ මත්තල දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කළමනාකාරීත්වය වසර 30කට පෞද්ගලික ආයෝජකයෙකුට ලබා දෙන බව ගුවන් සේවා සහ නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

“ගුවන් තොටුපළ බදු දීමේ ගිවිසුම ලබන සතියේ අවසන් කරනවා,” අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාත්‍යන්තර අරමුදලේ උපදේශය අනුව රාජ්‍ය ආයතන 100ට වැඩි ප්‍රමාණයක් පෞද්ගලිකරණය කිරීමට නියමිතයි. සමහරක් ආයතන පෞද්ගලිකරණය පිළිබඳ රට තුළ සංවාදයක් හෝ ඇතිව නැතිවීම බලවත් ගැටලුවකි.

මත්තල වැනි කිසිම ආදායමක් නොලබන සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගන්නා ලද ණය ජනතාව තවමත් ගෙවමින් සිටින අතර දැන් ඒවා කිසිම ජනතා ප්‍රතිලාභයකින් තොරවම විකුණා දමනු ඇත. ජනතාවට ණය පමණක් ඉතිරිවනු ඇත.

leave a reply