මත්තලත් විකුණන්න සූදානම්

ශ්‍රී ලංකාවේ මත්තල දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කළමනාකාරීත්වය වසර 30කට පෞද්ගලික ආයෝජකයෙකුට ලබා දෙන බව ගුවන් සේවා සහ නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

“ගුවන් තොටුපළ බදු දීමේ ගිවිසුම ලබන සතියේ අවසන් කරනවා,” අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාත්‍යන්තර අරමුදලේ උපදේශය අනුව රාජ්‍ය ආයතන 100ට වැඩි ප්‍රමාණයක් පෞද්ගලිකරණය කිරීමට නියමිතයි. සමහරක් ආයතන පෞද්ගලිකරණය පිළිබඳ රට තුළ සංවාදයක් හෝ ඇතිව නැතිවීම බලවත් ගැටලුවකි.

මත්තල වැනි කිසිම ආදායමක් නොලබන සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගන්නා ලද ණය ජනතාව තවමත් ගෙවමින් සිටින අතර දැන් ඒවා කිසිම ජනතා ප්‍රතිලාභයකින් තොරවම විකුණා දමනු ඇත. ජනතාවට ණය පමණක් ඉතිරිවනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...