අවුරුදු 3ක් ගිහිල්ලත් සීනි බදු වංචාවේ පරීක්ෂණ අවසන් නැහැ

වසර තුනක් ගතවී ඇතත් රජයට රුපියල් බිලියන 16ක් පමණ බදු ආදායමක් අහිමිකල කළ සීනි වංචාව සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ අවසන් වී නොමැති බව වාර්තා වේ.

2020 ඔක්තෝම්බර් මාසයේදී සීනි ආනයනය සඳහා වූ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා හදිසියේ අඩු කරන බව එවකට ගෝඨාභය රාජපක්ෂ රජය ප්‍රකාශ කරන ලදී. මේ හරහා දේශපාලන අනුග්‍රහය ලබන ආනයනකරුවන් පිරිසකට විශාල ප්‍රතිලාභයක් ලැබුණි. නමුත් ජනතාවට අඩු මිලට සීනි ලැබුනේ නැත. භාණ්ඩාගාරයට බදු මුදල් අහිමිවිය.

එවකට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) දී ද මේ වංචාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කෙරිණි.

පසුගිය වසර තුන තුළ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ පාර්ශව කරුණු විමසා සිටියත් මෙම පරීක්ෂණ තවමත් අවසන් නොමැති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ලසන්ත අලගියවන්න පැවසුවේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විමර්ශන සිදුවෙමින් පවතින බව දන්වා ඇති බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...