Breaking News

සබුද්ධි කාව්‍ය උළෙල සහ සබුද්ධි කවිකතා ස්වර්ණ ජයන්තිය

සබුද්ධි සාහිත්‍ය කවය විසින් සංවිධානය කළ සබුද්ධි කාව්‍ය උළෙල සහ සබුද්ධි කවිකතා සංවාදයේ ස්වර්ණ ජයන්තිය සැමරීම පසුගිය ඉරිදා (2023 නොවැම්බර් මස 19 වැනිදා) කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රිවනාගාරයේ දී අභිමානවත් ලෙස පැවැත්විණි.

“සබුද්ධි කවිකතා” ආරම්භ කර ඇත්තේ කොවිඩ් ව්‍යවසනය හේතුවෙන් මානවයා හමුවට පැමිණි ජින ජීවිතයේ නව සාමාන්‍යකරණය යටතේ අභියෝගයට ලක් වූ මානව සබඳතා සබුද්ධිමත්ව යාවත්කාලීන කිරීම සහ නිර්මාණශීලි චිත්නතය පුබුදු කිරීම උදෙසා අතථ්‍ය සන්නිවේදනයේ ප්‍රමුඛ උපක්‍රම යෙදා ගැනීමේ අරමුණු වෙනුවෙනි.

ප්‍රධාන ආරාධිතයින් ලෙස සම්මානිත කිවිවර රංජිත් මල්ලියාවඩු සහ දේවී ගාල්ලගේ, අශෝක කුලතුංග, සෞම්‍ය සඳරුවන්, පරාක්‍රම ඒකනායක, මහේන් සූරී, සිසිර ගමගේ යන සාහිත්‍යවේදීන් සම්මාන උළෙලට සහභාගි වූහ.

සබුද්ධි කාව්‍ය උළෙල වෙනුවෙන් සංවිධානය කළ කාව්‍ය නිර්මාණ තරගයෙන් ජයග්‍රහණය කළ කවි කිවිඳියන් වෙත සම්මාන සහ සහතික පත් ප්‍රදානය ප්‍රධාන ආරාධිතයන් අතින් සිදුකෙරිණි.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සෙත්මිණි දිලේකා “2023 සබුද්ධි කාව්‍ය සම්මානය” දිනා ගන්නට සමත් වූවාය. වසරේ සබුද්ධි කාව්‍ය රන් සම්මානයෙන් පිදුම් ලැබුවේ සාහිත්‍යවේදී සඳුන් ජයවර්ධන කවියාය. රාජ්‍ය සම්මානිත චිත්‍ර හා මූර්ති ශිල්පී, සාහිත්‍යවේදී සුදත් අබේසේකර කලාකරුවා
සබුද්ධි කාව්‍ය ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබුවේය.

සබුද්ධි සභාපති තමීර මංජු, සබුද්ධි අධ්‍යක්ෂ තුෂාන් නිසංසල, සබුද්ධි සාහිත්‍ය කවයේ නව විධායක අධ්‍යක්ෂ කමල් සේනාරත්න, ජාතික සංවිධායක සුප්‍රි සමරසිංහ, ක්‍රියාකාරී අධ්‍යක්ෂිකා ඉරෝෂිණී ගල්හේන, ජ්‍යේෂ්ඨ අනුශාසක අජිත් යූ. ඇතුගල, විධායක සාමාජික පැතුම් වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගී වූහ. කවි උළෙලේ ප්‍රධාන සංවිධායක ලෙස සාහිත්‍යවේදී සුප්‍රි සමරසිංහ කටයුතු කළ අතර ජූරි මණ්ඩලයේ සභාපති ලෙසින් කටයුතු කළේ කිවිවර රංජිත් මල්ලියාවඩු මහතාය.

“කවිතාව සහ අනුභූතිය” යන මැයෙන් සංවාදයක් පළමු සැසියේ දී සිදුකළ අතර සාමාජිකයි ඉදිරිපත් කළ කවි පිළිබඳ විචාරයක් ” කවිකතා”
සෑසියේ දී සිදු කෙරිණි.

සබුද්ධි සභාපති තමීර මංජු මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ කර්තෘ ප්‍රකාශක කාව්‍ය සංග්‍රහ පිළිබඳ අවධානය යොමු කොට ලබන වසරේ සිට “සබුද්ධි කාව්‍ය රන් සම්මානය” ප්‍රදානය කිරීමට කටයුතු කරන බවයි.

කාව්‍ය සංවාදය මෙහෙය වූ සුප්‍රි සමරසිංහ මහතා සඳහන් කළේ කවිතාව සහ අනුභූතිය පිළිබඳ විද්වත් මණ්ඩලයේ අදහස් නවක කවි කිවිඳියන්ට ඔවුන්ගේ කවිතාව දියුණු කර ගැනීමට බොහෝ සේ ඉවහල් වන බවය.

leave a reply