මාස්ටර් මළල ක්‍රීඩා උළෙලේ පදක්කම් 3ක් දිනූ ‘අකිලා’

මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි අකිලා තිරුනායකී පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා තිරුනායකී මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඇත.

මීටර 400 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානයද ඇයට හිමිව තිබේ. මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ඇය විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියකි.

ඇයට අමතරව නොවැම්බර් 8 සිට 12 දක්වා පිලිපීනයේ පැවති 22 වැනි ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට ජයග්‍රහණ හිමිව තිබේ.

රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 34ක් සහ ලෝකඩ පදක්කම් 25ක් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයට පත්ව ඇත.

35-39 වයස් කාණ්ඩයේ කැපී පෙනෙන තරඟකරුවෙකු වන දසුන් සිල්වා නව ආසියානු තරඟ වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ තවදුරටත් ඉහළට ඔසවා තැබුවා.

 

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...