Breaking News

කෝප් කමිටුවේ සභාපති ක්‍රිකට් ආයතනයට විකිණිලා ද

මතුව ඇති අර්බුදයට හේතු සෙවීම සඳහා ඊයේ කෝප් කමිටුවට ක්‍රිකට් පාලක මණ්ඩලයට කැඳවා තිබුණා. පැය දෙකකට වැඩි කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී කෝප් කමිටු සභාපති ක්‍රිකට් පාලක මණ්ඩලය පැත්තෙන් ලැබෙන පිළිතුරු වලට යම් බලපෑමක් සිද්ධ කළා යැයි කියමින් අද පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කිරීමක් සිදු කරනවා. එපමණක් ද නොව කෝප් කමිටු සාමාජිකයෙකු වන හේෂා විතාරණ මෙහිදී බරපතල විවේචනයක් කෝප් කමිටු සභාපතිවරයාට එල්ල කරනවා.

වර්තමාන කෝප් කමිටුවේ සභාපති ලෙස පත්ව සිටින්නේ මහාචාර්ය රංජිත් බණ්ඩාර යි .

කෝප් කමිටු සාමාජිකයන් නගන මේ චෝදනාව ඉතා බරපතළ චෝදනාවක්….. කලක සිට දූෂිත ආයතනයක් ලෙස හංවඩු ගැසී තිබෙන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ මොහොතේ ලංකාවේ ක්‍රිකට් පත් ව ඇති අ භාග්‍යසම්පන්න තත්ත්වය ට වගකිවයුත්තන් බව මින් ඉහත පැවැති කෝප් කමිටු වාර්තා වල දී හෙළිදරව් කර තියෙනවා.

leave a reply