මෙවර අයවැයෙන් මෙරට විශාලම පුද්ගලීකරණය සිදුකරනවා – වික්කමසිංහ කියයි

මෙවර අය වැයෙන් මෙරට විශාලම පුද්ගලීකරණය සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවත්, දේශපාලනයකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම තම අරමුණ බවත්, ඔහු එහිදී අවධාරණය කර සිටියා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (14) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“රටක් ලෙස ඉදිරියට යන විට රාජ්‍ය වියදම් සීමා කළ යුතුයි.රාජ්‍ය වියදම් සීමා කිරීම වෙනුවෙන් තීන්දු තීරණ රැසක් අප මෙවර අයවැයෙන් ගෙන තිබෙනවා.

රටේ ආර්ථිකය වෙනුවෙන් අපි රුපියල් බිලියන 500යි, ට්‍රිලියනයයි අතර වත්කම් ඇතුළු කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාව අළෙවි කර, මේ සියලු සේවාවන් එකතු කළත් මෙපමණ මුදලක් ලැබෙන්නේ නැහැ. මේවායේ නිෂ්පාදන කටයුතු දැන් ඉහළ නැංවිය හැකියි. එය අප ගත් විශාල පියවරක් ලෙස මම දකිනවා. මෙය තමයි ලංකාවේ තිබෙන විශාලම පෞද්ගලීකරණය.”

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...