මෙවර අයවැයෙන් මෙරට විශාලම පුද්ගලීකරණය සිදුකරනවා – වික්කමසිංහ කියයි

මෙවර අය වැයෙන් මෙරට විශාලම පුද්ගලීකරණය සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවත්, දේශපාලනයකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම තම අරමුණ බවත්, ඔහු එහිදී අවධාරණය කර සිටියා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (14) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“රටක් ලෙස ඉදිරියට යන විට රාජ්‍ය වියදම් සීමා කළ යුතුයි.රාජ්‍ය වියදම් සීමා කිරීම වෙනුවෙන් තීන්දු තීරණ රැසක් අප මෙවර අයවැයෙන් ගෙන තිබෙනවා.

රටේ ආර්ථිකය වෙනුවෙන් අපි රුපියල් බිලියන 500යි, ට්‍රිලියනයයි අතර වත්කම් ඇතුළු කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාව අළෙවි කර, මේ සියලු සේවාවන් එකතු කළත් මෙපමණ මුදලක් ලැබෙන්නේ නැහැ. මේවායේ නිෂ්පාදන කටයුතු දැන් ඉහළ නැංවිය හැකියි. එය අප ගත් විශාල පියවරක් ලෙස මම දකිනවා. මෙය තමයි ලංකාවේ තිබෙන විශාලම පෞද්ගලීකරණය.”

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්