ආත්මාභිමානය වෙනුවෙන් තමන්ගේ ජයග්‍රහණ වතුරේ ගිල්වා දැමීමට සැරසෙන ඉන්දීය ක්‍රීඩකයෝ

“මේ පදක්කම් අපේ පණ, අපෙ ආත්මය… මේ පදක්කම් තව දුරටත් අපේ බෙල්ලෙ එල්ලගෙන ඉන්න එකේ තේරුමක් නැහැ කියලා අපට හිතෙනවා,”
ක්‍රීඩිකාවන්ට ලිංගික අඩත්තේට්ටම් කළබවට චෝදනා එල්ල කරන ඔවුන්ගේ සම්මේලනයේ ප්‍රධානියාට ධුරයෙන් ඉල්ලා අස්වීමට සහ අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් සිටින ඉන්දීය මල්ලව පොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවසයි. සිය අඛණ්ඩ විරෝධතාවේ කොටසක් ලෙස, ඔවුන් දිනූ පදක්කම් ඉන්දියාවේ ශුද්ධ වූ ගංගා නම් ගඟට වීසිකිරීමට සැලසුම් කර තිබේ.

ඉන්දීය මල්ලවපොර සම්මේලනයේ ප්‍රධානී බ්‍රිජ් භූෂන් සිංට එරෙහිව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය විරෝධතා ආරම්භ කළේ පසුගිය අප්‍රේල් 23 වන දා සිටයි.

බලවත් දේශපාලකයෙකු හා පාලක භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිං ඔහුට එරෙහි චෝදනා ප්‍රතික්ෂේපකර ඇති අතර, විරෝධතාවන් සිදුකෙරෙන්නේ දේශපාලන පෙළඹවීම් මතබව පවසයි. දිල්ලි පොලිසිය විසින් ඔහු ප්‍රශ්නකර ඇතිමුත් තවමත් අත්අඩංගුවට ගෙන නැත.

මේ අතර මල්ලව පොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිල්ලි අගනුවර පිහිටි යුධ ස්මාරකයක් වන ‘ඉන්දියා ගේට්’හි දී දින සීමාවක් නැති උපවාසයක් සිදුකිරීමට ද සැලසුම්කර තිබේ.

මෙම විරෝධතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර, ඔලිම්පික් පදක්කම්ලාභී සාක්ෂි මලික් හා බජ්රන්ග් පූනියා ද, දෙවරක් ලෝක ශූරතාව දිනූ පදක්කම්ලාභී විනේෂ් පෝගත් ද සිටියි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ජනපතිවරයාට හා අගමැතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි.

ඉරිදා (මැයි 28), ඔවුන්ගේ විරෝධතාවේ කොටසක් ලෙස ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දෙසට ගමන්කිරීමට උත්සාහ කිරීමේ දී රඳවා ගැනුණු කීපදෙනා අතර මලික්, පූනියා සහ පෝගත් ද සිටියි.

එදින පොලීසිය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බලහත්කාරයෙන් ඉවත්කිරීමේ සිදුවීම පිලිබඳ ලෝක අවධානය යොමුවී තිබේ. පොලිසිය විසින් ඔවුන් නවත්වනු ලැබූ අතර බස්වලට නංවා එම ප්‍රදේශයෙන් පිටකරනු ලැබුණි. මෙය සිදුවූයේ, එම අවස්ථාවේ දී අගමැති මෝදි විසින් විවෘත කෙරෙමින් පැවැති නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිට සැතපුම් කිහිපයක් දුරිනි.

දිල්ලි පොලිසිය, මල්ලවපොර ක්‍රීඩකයින්ට එරෙහිව කැරලිගැසීම ඇතුළු කාරණා මුල්කොට නඩු පවරා තිබේ. ඔවුන් දිල්ලියේ පිහිටි ජාතික උරුම අඩවියක් වන ජන්තර් මන්තාර්හි ක්‍රීඩකයින් පැවැත්වූ විරෝධතා ද එතැනින් ඉවත් කළේ ය. දිල්ලියේ ජන්තර් මන්තර් යනු විරෝධතා දැක්වීම සඳහාම වෙන්කර ඇති ස්ථානයකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...