ණයවලින් මිලියන 100ක් අඩු කරන්න තරම් ‘ආදරයක්’

ඉන්දියාව විසින් ලංකාව වෙත ලබාදී ඇති ණයවලින් ඩොලර් මිලියන 100 ක ණය ප්‍රදාන බවට පරිවර්තනය කර ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොළඹදී ප්‍රකාශ කර තිබුණි.

“පසුගිය මාස 6 තුළ පමණක් අපි ඩොලර් මිලියන 100 කට වඩා වටිනා ණය ප්‍රදාන බවට පරිවර්තනය කර තිබෙනවා” යැයි අගමැති මෝදි මහතා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර දිසානායක සමඟ පැවැති සාකච්ඡාවකදී පැවසීය. එසේම ඔහු පැවසුවේ ලංකාවට ලබාදී ඇති ණයවලට අදාළ ක්‍රියාත්මක වෙන ණය ප්‍රතිවියුහගතකරණය යටතේ පොළිය අඩුකරන බවයි.

ලංකාව 2022 වසරේ බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ණය යටතට මිලියන 1,366 ක් පමණ ඉන්දියානු ණය ඇතුළත් විය.

මධ්‍යම ආදායම් ලබන රටවල ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනුවෙන් සාමාන්‍යයෙන් සිදුවන්නේ ණය කල්පිරීම දීර්ඝ කිරීම සහ පොලී අනුපාත අඩු කිරීම යි. නමුත් ඉන්දියාව මදක් ඉදිරියට ගොස් ඩොලර් මිලියන 100 ක ණය කපා දැමීමක් ද සිදුකර ඇත. ප්‍රශ්නය ඇත්තේ මෙය කුමන අරමුණකින් කරන දෙයක් ද යන්නයි.

ඉන්දියාව 2022 වසරේ ආර්ථික අර්බුදය පටන් මේ දක්වා ඩොලර් බිලියන 4ට වැඩි ණය ප්‍රදානයන් හා ණය ලබාදී තිබේ. මෙවැනි ආදරයක් පෙන්වීම පිටුපස ඇති කතාව වූවේ ලංකාව ඉන්දියාව වෙත ගැති බාවයකින් තබා ගැනීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...