Breaking News

අටපට්ටම් කාරයා නිසා අවිස්සාවේල්ලේ ජනතාවට මඩ වතුර පානය කරන්න සිදුවෙයි

මේ තියෙන්නෙ ගලපිටමඩමෙ ගැටහැත්ත ඇල අයිනෙ තියෙන මහා පරිමාණ පතලක්. මේ පින්තූර ගන්න වෙලාව වෙනකොට එතන තිබුනු යන්ත්‍ර සූත්‍ර තාවකාලික අයින් කරගෙනයි තිබුනෙ. රතුපාට ඉරකින් ලකුණු කරල තියෙන්නෙ ගැටහැත්ත ඇල. මේක අයිති “හසන්ත හෙට්ටිආරච්චි” නැත්නම් අපි කවුරුත් දන්න “අටපට්ටමේ දඩිබිඩිස්” ට. මේ පින්තූර වල ඇළෙන් එගොඩ යන්තමින් පේන්නෙ එයාටම අයිති මීටත් වඩා විශාල පතලක්. මේවා සතියෙ දින හතම නොනවත්වා පස් කියුබ් විශාල ප්‍රාමණයක් හෝදල, හේදෙන රොන් මඩ ටික කෙලින්ම ගැටහැත්ත ඇළට එකතු කරනව. මෙතන ඉදන් ජල පවිත්‍රාගාරයට වතුර පොම්ප කරන තැනට දුර 1Km විතර වගේ වෙන්නෙ

hdrpl

.

එතකොට අවිස්සාවේල්ල ඉන්න අපිට මඩ වතුර බොන්න වෙලා තියෙන එකේ වැඩිම ගෞරවය ලැබෙන්න ඕන දඩිබිඩිස් මාමගෙ මේ පතලට තමයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍ර කොන්දේසි අනුව මහාපරිමාණ පතල් වලින් නිකුත් කරන රොන් මඩ සහිත ජලය කෙලින්ම ස්වභාවික ජල මාර්ග වලට එකතු කරන්න බැහැ.වෙනම ජල ටැංකි(පොකුණු) වලට පුරවල රොන් මඩ අවක්ශේප වුනාම තමයි ජලය පරිසරයට නිදහස් කරන්න ඕන්. නමුත් දඩි බිඩිස් මාමට තමන්ගෙ මාධ්‍යය කටයුතු හේතුවෙන් දේශපාලන අධිකාරියේ සහ පරිපාලන තන්ත්‍රයේ ඉහල තනතුරු සමග තියෙන සම්බන්දකම් නිසාද මන්ද මේ නීති රීති තඹයකට මායිම් නොකර කෙලින්ම මේ වතුර ගැටහැත්ත ඇලට නිදහස් කරනව. මේවා වැටල්ලිම් කරල නවත්වන්න පොලීසියට බලය තිබුනත් සතියකට පාරක් හසන්‍ත මහත්තයගෙ මර්සිඩිස් බෙන්ස් කාර් එක අවිස්සාවේල්ල පොලීසිය ලග නවත්වල ඇතුලට ගිහින් පැය කීපයක් ඉදල එන නිසාද කොහෙද පොලීසිය මේ පැත්තෙන් වැරදිලාවත් යන්නෙ නෑ. (පතල පේන දුරින් ගෙවල් තියෙන අවිස්සාවේල්ල පොලීසිය SI මහත්තුරු පවා ඉන්න බව නොකියාම බැහැ). හිනා යන කාරනේ තමයි දොරමඩලාවෙදි, අටපට්ටමේදි හසන්ත මහත්තය තරම් පරිසරයට ආදරය කරන මාධ්‍යයවේදියෙ තවත් නැති තරම් කැමරාවයි මයික් එකයි ඉස්සරහදි.

අද වෙනකොට විද්‍යාගාර පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන අවිස්සාවේල්ල ජල සම්පාදනය මණ්ඩලය නිකුත් කරන වතුර බීමට තියා සේදුම් කටයුතු වලටවත් නුසුදුසුයි කියල. මේ ගැන කොළඹ දිස්ත්‍රික් ලේකම් දක්වාම පැමිනිල් ගෙනගියත් අන්තිමේ උනේ පින්තූර වල පේන විදියෙ මඩ වගුරක් ඇළ අයිනෙ ඉතුරු කරල අනිත් ඉවුරෙ පතල දිගටම කරගෙන යන එක. වහින හැම වැස්සක් පාසාම මේ පේන රොන්මඩ තට්ටු දිය වෙවී ඇළට එකතු වෙනව. අපි සුපුරුදු පරිදි මඩ වතුර බොනව. තනි මිනිහෙක්ගෙ සුඛවිහරණය වෙනුවෙන් මිනිස්සු 20000ක් 30000ක් විතර මඩ වතුර බොනවද නැත්නම් දැන්වත් අපි එකා වගේ නැගිටිනවද?

දඩිබිඩිස් ගෙ විතරක් නෙවෙයි තවත් මේ වගේ මහා පරිමාණ පතල් කීපයකුත් අනවසර පතල් සියගානකුත් තියෙනව මහා පරිසර විනාසයක් කරන. මේවා ඉස්සරහ අවිස්සාවේල්ල පොලීසිය නම් අධ ගොලු බීරෝ(මොකද වටලන්න නොයා ඉන්නකොට සක්කු වලට මොනරකොල වැටෙනවනෙ). මැනික් හා ස්වර්ණාභරණ අධිකාරිය නම් තියෙනවද කියලවත් නෑ. මේවට බලධාරීන්ගෙන් පිළිතුරු ඉල්ලන්න අපිට එකමුතු වෙන්න කාලය දැන් හරි. නිවටයන් වගේ ඉවසුවා හොදටම ඇති.

සංවාදයට හා විමර්ශනයට විවෘතයි…..

Rashmi FernandoAvissawella (අවිස්සාවේල්ල)

leave a reply