Breaking News

පීලීපැනීම් සහ අවස්ථාවාදය

නුවන් බෝපගේ

මීට මාස කිහිපයකට පෙර අරගලකරුවන් මර්ධනය සහ වසන්ත මුදලිගේ ඇතුලු ශිෂ්‍යයන් ත්‍රස්ත පනත භාවිතා කර රදවා තබා ගැනීමට විරුද්ධව වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකතුව සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ කරගෙන එක්සත් ක්‍රියාමාර්ගයක් තෝරන ලදි.

ඒ අවස්ථාවේදී ජවිපෙ සහ ජාජබ විසින් එම ක්‍රියාමාර්ගය වර්ජනය කලා පමණක් නොව එයට නිර්දය ලෙස පහර ගැසුවා.එයට හේතුව ලෙස දැක්වූයේ එම ක්‍රියාමාර්ගයට සජබ සමිබන්ධ වීමයි.

එහිදී අප විසින් සභාගවාදය සහ එක්සත් ක්‍රියාමාර්ග අතර ඇති වෙනස පිලිබදව එම විවේචකයින්ගේ ඇති දේශපාලන දැනුමේ මදකම ගැන වටහා දීමට දැඩි උත්සාහයක් සිදුකරන ලදි.

මේ ඡායාරූපයේ දැක්වෙන්නේ මර්ධනයට විරුද්ධව එක්සත් ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කල ජවිපෙ සහ ජාජබ වෙනුවෙන් විජිත හේරත් මහතා මැතිවරණ කල් දැමීමට විරුද්ධව සංවිධානය වුනු එක්සත් ක්‍රියාමාර්ගයකට සම්බන්ධව සිටින ආකාරයයි.එයට සජබ පමණක් නොව ඩලස්,ගම්මන්පිල වැනි අයද සම්බන්ධ වී තිබිනි.

න්‍යායික පීලීපැනීම් සහ අවස්ථාවාදය හැමවිටම දේශපාලන ව්‍යාපාර වල ස්ථාවර එකිනෙකට පරස්පර කරනු ලබයි.

leave a reply