පීලීපැනීම් සහ අවස්ථාවාදය

මීට මාස කිහිපයකට පෙර අරගලකරුවන් මර්ධනය සහ වසන්ත මුදලිගේ ඇතුලු ශිෂ්‍යයන් ත්‍රස්ත පනත භාවිතා කර රදවා තබා ගැනීමට විරුද්ධව වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකතුව සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ කරගෙන එක්සත් ක්‍රියාමාර්ගයක් තෝරන ලදි.

ඒ අවස්ථාවේදී ජවිපෙ සහ ජාජබ විසින් එම ක්‍රියාමාර්ගය වර්ජනය කලා පමණක් නොව එයට නිර්දය ලෙස පහර ගැසුවා.එයට හේතුව ලෙස දැක්වූයේ එම ක්‍රියාමාර්ගයට සජබ සමිබන්ධ වීමයි.

එහිදී අප විසින් සභාගවාදය සහ එක්සත් ක්‍රියාමාර්ග අතර ඇති වෙනස පිලිබදව එම විවේචකයින්ගේ ඇති දේශපාලන දැනුමේ මදකම ගැන වටහා දීමට දැඩි උත්සාහයක් සිදුකරන ලදි.

මේ ඡායාරූපයේ දැක්වෙන්නේ මර්ධනයට විරුද්ධව එක්සත් ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කල ජවිපෙ සහ ජාජබ වෙනුවෙන් විජිත හේරත් මහතා මැතිවරණ කල් දැමීමට විරුද්ධව සංවිධානය වුනු එක්සත් ක්‍රියාමාර්ගයකට සම්බන්ධව සිටින ආකාරයයි.එයට සජබ පමණක් නොව ඩලස්,ගම්මන්පිල වැනි අයද සම්බන්ධ වී තිබිනි.

න්‍යායික පීලීපැනීම් සහ අවස්ථාවාදය හැමවිටම දේශපාලන ව්‍යාපාර වල ස්ථාවර එකිනෙකට පරස්පර කරනු ලබයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...