සිංහරාජ අඩවියේ යෝශිත රාජපක්ෂ ගේ හෝටලයේ සැබෑ තත්ත්වය පිළිබඳ හෙළිදරව්ව.

යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටා ඇත්තේ ගොංගල කන්දේ නැගෙනහිර බෑවුමේ සිංහරාජ වන රක්ෂිතයට ආසන්නයේ ය. රත්නපුර දිස්ත්‍රික්කයේ, කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවාගේ අයින ග්‍රාම නිලධාරී වසමේ මෙය පිහිටා තිබේ. අක්කර 12 ක පමණ භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම හෝටලයේ මුල් හිමිකරු වන්නේ දෙනියායේ, ආසිරි කේක් ව්‍යාපාරයේ හිමිකරු වන රොෂාන් විජේසිංහ මහතා ය. ඔහුගෙන් බලහත්කාරයෙන් යෝශිත රාජපක්ෂ විසින් රුපියල් කෝටි 4 කට මෙම හෝටලය මිල දී ගෙන තිබේ. එය මිල දී ගෙන ඇත්තේ රාජපක්ෂ පවුලේ සේවකයකු ලෙස කටයුතු කරන රවිදු සොයිසා ගේ නමට බව වාර්තා වේ. දැනට එම හෝටලයේ පාලන කටයුතු සිදු කරනු ලබන්නේ ද ඔහු විසිනි.

අක්කර 12 ක භූමියක පිහිටි මෙම හෝටලය ලබා ගැනීමෙන් පසු ව ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉඩම් කිහිපයක් ම යෝශිත රාජපක්ෂ විසින් මිල දී ගෙන තිබේ. ඊට අමතර ව මතුරට වැවිලි සමාගමට අයත් හේයස් වත්තෙන් මෙම හෝටලය හා සම්බන්ධ ව පිහිටි තේ ඉඩම් අක්කර 20 ක් මෙම හෝටලයට නොමිලේ ලබා දී තිබේ. ඊට හේතු ව හෝටලය හා සම්බන්ධ සම්පූර්ණ වතු යාය අත්පත් කර ගැනීමට යෝශිත රාජපක්ෂ උත්සාහ දැරීම ය. ඒ තත්ත්වය පිටුදැකීම සඳහා ඊට විරුද්ධ ව කටයුතු කළ මතුරට වැවිලි සමාගමේ අධ්‍යක්ෂවරයකු විසින් ගත් තීරණයක් මත මෙම ඉඩම් කොටස හෝටලයට ලබා දී තිබේ.

2022 හෙළිදරව්ව

Share post:

Popular

වෙනත් පුවත්

සාහිත්‍ය මාසයේ පුරාජේරු සහ තිත්ත ඇත්ත

සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ සාහිත්‍ය මාසය ලෙස. මේ...

නව ව්‍යවස්ථාවක් ගෙන එනවනම් නීතිඥ සාලිය පීරිස්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? යන  තේමාව...

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...