ජනතාවටත් ‘මැතිවරණ නැත්තම් බදු ගෙවන් නෑ’ යන ස්ථාවරයට යන්න වෙනවා – පුබුදු ජයගොඩ

මැතිවරණය නීත්‍යානුකූලව කැඳවා නැතිනම් එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයට අලියා ලකුණින් නාමයෝජනා භාර දුන්නේ ඇයි දැයි කියා ප්‍රශ්න කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ ( 23දා) පැවසීය. එසේම මුදල් නැති ප්‍රශ්නය හැම මැතිවරණයක් සඳහාම ඉදිරිපත් කර මැතිවරණ නොපැවැත්වීමේ අවදානමක් ඇති බවද ඔහු පැවසීය. ඇමරිකානු විප්ලවයේ සටන් පාඨය වූවේ නියෝජනයක් නැත්තම් බදු ගෙවන්නෙ නෑ යන්න වූ බවත් ජනතාවටත් එම ස්ථාවරයට යා හැකි බවත් පුබුදු ජයගොඩ පැවසීය. මැතිවරණ කොමිසම නීත්‍යානුකූලව පළාත් පාලන මැතිවරණයක් කැඳවා නැති බවට ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස් පිළිබඳව සිය ස්ථාවරය පැවසීමට ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසා තිබේ.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,
“මේක නීත්‍යානුකූල මැතිවරණයක් නෙවෙයි නම් එක්සත් ජාතික පක්ෂය ඇප බැන්දෙ ඇයි, නාමයෝජනා දුන්නේ ඇයි කියා අපි ප්‍රශ්න කරනවා. මැතිවරණ තියන්න සල්ලි නෑ කියලත් ජනාධිපති කියනවා. එහෙම බැලුවොත් හැම මැතිවරණයකට ම ඔහු මෙම තර්කය අදාළ කර ගනීවි. සල්ලි නෑ කියලා කවදාවත් ඡන්ද තියෙන එකක් නෑ. ආර්ථික අර්බුදය සම්පූර්ණ වශයෙන්ම විසඳෙන්න තව අවුරුදු දහයක් විතර යයි කියලයි මහ බැංකු අධිපති කියන්නේ. ජනාධිපතිවරයා හදන්නේ එතකම් ම ඡන්ද නොතියා ඉන්නද. ඇමෙරිකානු විප්ලවයේ සටන් සටන්පාඨය වුණේ ‘නියෝජනයක් නැත්නම් බදු ගෙවන්නේ නෑ’ කියන එකයි. දැන් අපිටත් ඒ ස්ථාවරයට යන්න වෙලා තියෙනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...