කූඹියෝ නාට්‍යයෙන් දේශපාලනය විග්‍රහ කරොත් අබ සරණයි – දුමින්ද නාගමුව

‘කූඹියෝ’ වැනි ටෙලි නාට්‍යය හරහා දේශපාලනය කියවීමට උත්සහ කිරීම අනතුරුදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

පුවත් වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසා සිටියේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව සිය පක්ෂය විසින් භාවිතා කරන බවට ‘කූඹියෝ’ වැනි ටෙලි නාට්‍යය ඈඳමින් කරන ප්‍රකාශ පිළිබඳව ජනතාව නැවතත් සිතා බැලිය යුතු බවයි.

“කූඹියෝ ටෙලි නාට්‍යයෙන් දේශපාලනය විග්‍රහ කරගන්න හදනවා නම් කවුරු හරි, මං කියන්නේ ඉතින් අබ සරණයි කියලා තමයි. ඒ වගේ නාට්‍යය 4ක් විතර ගැහුවොත් කවුරු හරි, කිසිම දේශපාලනයක් හොයා ගන්න බෑ.”

වසන්ත මාස 5ක් හිටියා හිර කූඩුවේ. ඔහු ත්‍රස්ත විමර්ෂණ අංශයේ ඉඳිද්දී ඔහුම මාධ්‍යයට ඇවිත් ප්‍රකාශ කළා අඩි 6×4 කාමරයක තමයි දාලා හිටියේ කියලා. ඉතින් මම කියන්නේ එහෙම මනුස්සයෙක්ව පාවිච්චි කරනවා කියලා කියනවා නම් ඒ කියන අය බලන්න ඕනෙ එහෙම කියන්න පුළුවන්ද කියලා.”

ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ සිය පක්ෂය ඇති කරගත් පොදු සම්මුතියක් තිබුණද පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලනය ඉක්මවූ සමාජ ප්‍රතිසංස්කරණයක් අරමුණු කරගත් පක්ෂයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආර්ථිකය සම්බන්ධව මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය උපරිම මැදිහත්වීම සිදු කරන බවත් දිගින් දිගටම ඊට අදාල විරෝධතාවන් සිදුකරන බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා පවසනවා. එමෙන්ම, අර්බුදය භාවිතා කරමින් බලය ඩැහැ ගැනීමට උත්සහ දරන පාර්ශව වලට කිසිඳු ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් නොමැති බවත් අනෙක් අයට බලය දුන් නිසා අපටත් බලය දෙන්න යන තේමාවෙන් පමණක් ඔවුන් කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...