මුදල් නොදීම මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය නැවැත්තුවේ ඉතිහාසයේ පළමු වරටයි – පැෆ්රල්

රජයේ මුද්රචණාලයට මුදල් නොදීම මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම තාවකාලිකව අත්හිටුවීම ඉතිහාසයේ පළමු වරට සිදුවූ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අද (14) පැවසීය.

උසස්වීමකට, සේවා දිගුවකට හෝ වෙනත් වරප්‍රසාදයකට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාවා නොදෙන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පළාත් පාලන මැතිවරණයේ වර්තමාන තත්වය නිර්මාණය කිරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් ඔහු පවසා ඇත.

සෑම මැතිවරණයකදීම ගෙවීමේ පදනම මත රාජ්‍ය ආයතන බොහෝමයක් මැතිවරණ දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් වැඩකරන බව ද රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...