සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් අරගලය පෙරට ගමු!

තැපැල් ඡන්ද විමසීම කල් දමා තිබේ. මේ හරහා සමස්ත ඡන්දයම කල් දැමීම ගැන ආණ්ඩුව විසින් ඉඟියක් ලබාදී ඇත.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන මුලධර්මයක් වන්නේ නියමිත කලට ඡන්දය පැවැත්වීමයි. ඒ අනුව ඡන්දය කල් දැමීම යනු ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමකි. රනිල්ලා ට මේවා අමුතු දේවල් නොවේ. රනිල්ගේ මාමා වූ ජේ. ආර්. ජයවර්ධන මැතිවරණ කල් දැමීම ගැන කප් ගැසූ කෙනෙකි.

රනිල් ව්‍යවස්ථාවේ හිල් පාවිච්චි කරමින් ජනාධිපති වූ මොහොතේ සිට මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු බව පවසමින් විවිධ උපක්‍රම ගන එනු ලැබුවේ මැතිවරණය කල් දැමීම වෙනුවෙනි. ඔහුගේ අරමුණ වූවේ මහජන අභිලාශයන්, අරගලයේ මතුකරපු අභිලාශයන් ගැන පච කියමින් ඒවායේ නාමයෙන් තමන්ට පහසු තමන්ට ගැලපෙන තැනකට රටේ දේශපාලනය හසුරුව ගැනීම සහ මැතිවරණ ක්‍රියාවලිය හසුරුවා ගැනීමයි.

ඒ මොහොතේ ඇතැම් දේශපාලන කණ්ඩායම් අන්ධ ලෙස මැතිවරණය ගැන පමණක් විශ්වාසය තබමින් අරගල කළහොත් මැතිවරණ කල් යනු ඇති බවට අවලාද නගනු පෙනුණි. ඇත්ත වශයෙන්ම ඡන්දය කල් දැමීම වෙනුවෙන් රනිල් ගසමින් සිටි ගේම් බැලූ විට ඡන්දය දිනා ගැනීම වෙනුවෙන් පවා අරගලයක් කළ යුතු බව බැලූ බැල්මට පෙනී තිබුණි. දැන් රනිල් ඡන්දය කල් දැමීමට අදාළ පළමු පියවර තබා තිබේ.

අනිත් අතින් ඡන්දය කල් දැමීම තනි හුදකලා ප්‍රශ්නයක් නොවේ. ත්‍රස්ත පනත් ගෙන ඒම, වසන්තලා නැවත සිරගත කිරීමට උත්සාහ කිරීම, කම්කරු පනත් සංශෝධනය, විරෝධතා මර්දනය සහ වෙනත් මර්දන නීති ගෙන ඒම වැනි සමස්ත ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නයේම කොටසකි. ඒ අනුව මේ සියල්ලට එරෙහිව ප්‍රජතන්තරවාදය දිනා ගැනීම වෙනුවෙන් දැන්වත් අරගලය පෙරට ගැනීම අවශ්‍යව තිබේ.

එසේම නැවත මතක් කරගත යුත්තේ පාලකයන් කිසිදු විටක ප්‍රජතන්තරවාදී අයිතිය බන්දේසියක තබා පිළිගන්වන්නේ නැත. ජනතාව එය දිනා ගත යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...